සොයා පිලිසරණක්
ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ...ඔබේ
ඔබේ මුදුවදනක්
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අදුරේ
යුගෙන් යුගයේ පතා ආයෙම්
හිමියනේ.....ඔබේ
ඔබේ මුදු සිහිලක්
මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ
පහන් වැටසේ සොයා ආයෙමි
හිමියනේ....ඔබේ
ඔබේ...