මටත් සුනාමිය සම්බන්ධව අත්දැකීමක් තියෙනවා, සිද්ධිය මම කෙටියෙන් කියන්නම්. අපි සුනාමිය දාට කලින් දා කතරගම යන්න දාගෙන හිටියේ. දෙසැම්බර් 25 පාන්දර අපි නැගිටලා ඔක්කම බඩු එහෙම ලැස්ති කරන් වාහනයට නගින්න යනකොට, හොදට තිබ්බ වාහනයේ එක රෝදයක හොදටම හුලන් බැහලා. කට්ටිය ඉතින් මූණ ඇබුල් කරගෙන ටයර් එක මාරු කරා...