විකල් ලොවක් බලන් සකී
තැනෙක නැටුම් තැනෙක ගැටුම්
දහස් මුවින් නැගෙන සුසුම්
නොයෙක වෙසින් එන විගඩම්
සකිසඳ කිම මේ සරදම්...
දනින් වැටෙන්නට දන්නෝ
සැණින් මෙදා ජය ගන්නෝ
මිනිස් හැඟුම් නොතකන්නෝ
පිදුම් ලබා වැජඹෙන්නෝ..
දනෝ තැවෙත් උනුන් හැපී
හඬත් අයෙක් සයින් වැටී
කෙනෙක් නටත් තුටින් පිපී...