මගේ ආදර පවසට ඔබ
නියං කලට හඩන අහස
මගේ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ
මගේ ආදර සිලිලාරට
නෙළුම් පතකි ළඳුනේ ඔබ //
ආදර උල්පත වියලන
ගිම්හානේ සැඩහිරු ඔබ
මගේ ආදර පවසට....
ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද //
ඒ වැස්සෙන් පෙම්වත් වූ
මිහිලිය වී මම එන්නද
මගේ ආදර පවසට....
මේ සින්දුවත් මගේ ජීවිතේට...