බොළඳ දේවල් වලට හරිම ආසා කරන අතර, ගොබ්බ රූපවාහිනි නාටක එකක් නෑර බලා, පත්තර වල ඒ නලු නිළියන්ගේ ඕපා දූප සහිත ඊනියා "අතිරේක" කොටස් මහත් ඕනෑ කමෙන් කියවයි... රූපවාහිනියේ උදේට උදේට පෙනී සිටින විශේෂඥයන් සහ ඔස්තාර්ලා දෙන උපදෙස් හිස් මුදුනින් බාර ගන්නට රුසියෙකි... මෙලොව සෑම දෙයකම සීමාවක් තිබෙන බව නොදනී...