කඩවසම් බව යනු සාමාන්‍යයෙන් පිරිමියෙකු හට වාසිදායක තත්ත්වයක් උදාකළද, එය පරහක් වී රටින් පිටුවහල් කිරීමට හේතුවක් වූ පුවතක් සෞදි අරාබියෙන් වාර්තා වේ. සෞදි අරාබියේ රියාද් අගනුවර පැවැත්වෙන වාර්ෂික සංස්කෘතික උළෙලකට සහභාගී වීමට එක්සත් එමීර් රාජ්‍යයෙන් පැමිණි පිරිමින් තිදෙනෙකු මෙම සිද්ධියට මුහුණ දී...