මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලිහිනී
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිලී...
අඳුරු වලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා
දෙමන් තලේ...
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී...