විරහව ඉදිරියේ යශෝධරාවක් වෙන්න
ගීතය ජීවිතාබෝධය ලබාදෙන භාවනාවක් බදුය. එනමුදු මිනිස් සිත් සතන් නිවා සනහාලන ගී පද අපේ දෙසවන් අභියස අද නැත. දෙසවන් පුරා ඇසෙන්නේ මස්තිෂ්කයත් දෙදරවන ගීත ආකෘතියේ ගෝරනාඩුය. ඒ නිසාම ගුණදම් වගාවෙන් ජීවිතය අරුත් ගන්වන්නට මේ ගීතය මෙසේ මේ හූයට බදිමි.
මහාපොලව සේ ජීවිතයේ දුක්...