රුවන්වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී ගලා හැළෙනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා
සිනා ගෙනෙනවා
අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා
පවන් සලනවා
අතුඅග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින්...