සතුන්ට නිදහස ඝාතකයාට නුවණ
තවත් එක් පවුකාරයකු යහමගට යොමු කිරීමේ කදිම කතා පුවතකි මේ.
“කිමෙක් ද පින්වත? ඔබ මහත් දුකින් හඬනු පෙනෙයි. දුකින් සිටීමට කරුණ කුමක් ද?” බුදු රජාණෝ එක් බමුණකුගෙන් ඇසී ය.
“ස්වාමීනි, මම දුප්පත් ගොවියෙක්; ගොවිතැන් කිරීමෙන් මගේ දරුපවුල පෝෂණය කරන්නෙමි. මගේ ගවයන් තුන්දෙනා මගේ...