පංචශීල ප්රතිපදාවේ පළමු ශික්ෂා පදය වන පාණාතිපාතා වේරමණී ශික්ෂාවෙන් අදහස් කරන්නේ සත්ව හිංසනයෙන් පරපණ නැසීමෙන් වැළකීම යන්නයි. ලෝකයේ වෙසෙන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට පි්රය කරයි. අනතුරට, විපතට බිය වෙයි. නිරතුරුවම තම තමන්ගේ සුරක්ෂිත බව සඳහා කටයුතු කරයි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො...