හැම තිස්සෙම නුවණින් සලකා අර්ථය දැන ගෙන කටයුතු කරන ලෙසට යි භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා දී තිබෙන්නේ. ඉතින් නිකරුණේ වටිනා ජීවිත අවදානමකට භාජනය නො කර, දුර්ලභව ලැබුණු, ඉක්මනින් අවසන් වෙලා යන මේ මිනිස් දිවිය මෙලොව සහ පරලොව සැප පිණිස පවතින ගුණ ධර්ම දියුණු කරගන්නට යොමු කිරීමට යි...