ප්‍රතිවිරුද්ධ මත නොඉවසීමේ දේශපාලනය, තමාගේ උරුමය බව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රසිද්ධියේම යළිත් පෙන්වා දෙයි. එහි නවතම සිදුවීම අකුරැස්ස ප්‍රදේශයේ පැවැති මහජන රැළියක දී සාමාන්‍ය පුද්ගලයෙකුට පහර එල්ල කිරීමයි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමාට හිමි ආරක්‍ෂක බලකායක රැකවරණය යටතේ නිරායුධ සිවිල් පුරවැසියෙකුට පහර...