සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?
ඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක් වන සිංහල භාෂාව වචන හා අදහස් ප්‍රකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන් වැලක් මෙන්ම අක්‌ෂර සංකේත ද සිංහල භාෂාව සතුව ඇත. පාලි හා සංස්‌කෘත මෙන්ම දෙමළ, ඉංග්‍රීසි භාෂා මගින් ද එය පෝෂණය වී තිබේ...