සැදී රන් අභරණින් රිදී සළු පිළි දරා
නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
මනාලියවී ලඳේ ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා
අදින් පසු සිත ඔබේ අහිමිවන බව දනිම්
යළිඳූ අපි දිවිතුරා නොඑන බව යළි දනිම්
නොඑන බව යළි දනිම්
ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විඳින්නම්
සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්...