නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම්වර දූතිය පිනෙන් උදාරයි
නිදා නොහිඳ යළි පිබිඳී අහස බලන්නේ
නවෝදයේ තෙද රැළි හිරු පිපි දිළෙන්නේ
පීදෙන හෙළරන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහිල සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන්...