නිහාල් ඇලුත් රියැදුරෙකු සේවයට බඳවා ගත්තේ තම බිරිඳගේ ගමන් බිමන් සඳහා යොදවා ගැනීමටය. සේවය අවසන් කොට හෙම්බත් වී සවස තම නිවෙසට පැමිණි නිහාල් ගෙට ගොඩ වන්නටත් ප්‍රථම අනෝමා ලොකු අවනඩුවක් කියන්නට පටන් ගත්තාය.
’අනේ නිහාල් අපේ මේ අලුත් ඩ්‍රැයිවර්ව අදම අස් කරලා දාන්න. ඒ මිනිහා එක්ක මම ගියේ ගමන් දෙකයි...