එදා මෙදා තුර කඳුළට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රතු දෙතොල් පියා..
මිළාන වී ගිය රෝස කුසුම් පෙති..
කම්මුල් සුදු මැළි පාට පොවා..
දෑත ළයේ බැඳි අවසන් ගමනද
සොඳුරිය මට නොකියාම ගියා..
දෑස් කවුලුපත් පලා කඳුලු කැට..
වෑහෙද්දී මගෙ දෑස් අගින්..
කාත් කවුරුවත් වෙතත් හිතයි...