ඔහු ජාතික අපේක්ෂකයා ලෙසින් ජනතා වේදිකාවට ගොඩ වන විට ඔහුගේ පසුබිමෙහි වූයේ වැඩවසම් වළව්වක අනුරුවක් නොව සිංහ ධජ පතාකයන්ය. ඔහුව ජනතාභිෂේකයට හඳුන්වා දීමට වේදිකාවට කැඳවාගෙන එන විට ඔහු හා කැටුව ආවේ කවුරුන්ද? ඒ කැටුව ආවේ පියාගෙන් පුතාටත්, සහෝදරයාගෙන් සහෝදරයාටත් රාජ්‍ය පැවරෙන වැඩවසම් පාලන ක්‍රමයකට අනුව...