නිම්නැති හීන ගඟේ දෑල හිනහ වෙයි
මීදුම් හාදු දිදී යයි
ඔය පෙම් මුහුණ නුඹේ සාර සොබාවයි
නිම්නැති හීන ගඟේ දෑල හිනහ වෙයි
දේදුනු පාර දිගේ ඇවිත් අතවනයි
පරසතු කුසුම් විලෙන් සිසිල් පැන් ඉසියි
සත්තයි සත්තයි හීන ගඟේ කිමිදී
නුඹ ඇවිත් තුරුළු වෙයි
සීතල දෝත රැගෙන කොපුල් පිරිමදියි
රෑ සඳ කැළුම් වලින් දෑස සනසවයි...