සෑහෙන කලකට පසු ඔහුට රෆීක් මුණ ගැසුණේද රැකියා දෙකකට ඉල්ලුම්පත් දමා ආපසු එද්දීය.
පොඩි නංගීට බාහිර පංතියකට මුදල් නැතිවීම නිසා යාගත නොහැකිව දඟලනු දකිද්දී, එන කුමක් හෝ රැකියාවකට යෑමට සෙහාර දැන් සිත සාදාගෙන සිටියේය.
ඔහුට රැකියාවක් හදිසි වී තිබුණේද පොඩි නංගීගේත් මල්ලීගේත් පංති ගැන සිතෙද්දීය. ඒ...