දින දින පැතිරුණා කිතුගොස කවි මඩුවේ
දන මන තුටු කරන කවි පද නොම අඩුවේ
මැන මැන දොසක් වේනම් ඒවත් කැඩුවේ
අණ දෙන කෙනෙක් නැත එළකිරි කවි මඩුවේ
කවියනි ඉන්න තැනකින් පියඹා එන්න
ඇවිදින් එදා මෙන් කවිපද පබදින්න
රසකර කවි ගොතා දස්කම් පෙන්නන්න
එළකිරි කවිමඩුව වෙත ඇවිදින් ඉඳගන්න