ආරුක්කු නවයේ පාලම
උඩරට මැණිකේ කොළඹ සිට බදුලූ ආවාය. පොඩි මැණිකේ බදුලූ සිට කොළඹ ගියාය. ඔවුනට යාල් දේවියත් රුහුණු කුමාරියත් අතර මගදී හමුවන්නට ඇත. කන්ද උඩරටට ළඟා වන බදුලූ දුම්රිය ගමනේදී ලැබෙන චමත්කාරය වෙනත් දුම්රිය ගමනකදී ලැබෙතැයි කිව හොත් එය පිළිගැනීමට මඳක් අසීරු කරුණකි. බදුලූ කෝච්චියේ ඔබ කොතෙකුත්...