බහිරව කන්දේ සමාධි බුදු ඇස
සෙංකඩගල පුර බැලුවා
කොළඹ වීදීයේ සුරා සැල් අසල
පොදිකන මිනිසුන් දුටුවා
නිසල එහිමි රුව සංසුන් පැවතුම්
තාදී ගුණ සිහිකෙරුවා
රන්වියනේ රන්වන් එළියෙන්වත්
මග නොපෙනේදැයි සිතුවා
අස්ගිරියෙන් ජයගෝසා නාදය
බඹලොව දක්වා ඇසුණා
ඒ ජය හඬ මුසු දූහුවිලි සුළඟක
රහමෙර සුවඳක් දැනෙනා
අමන බමන ගී...