හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී....
ආශා දෑසින් බලා සිනාසී
ඒ සිත මා සිත වෙලා ගනීවී
දහසක් වනමල් පිපී සැලේවී
ජීවන මංපෙත සරසාලා
ආදර ගීතේ තනුව කියාදී
ජීවන මීවිත සතුට සදාදී
මෝහන ලාලිත බැළුම් හෙළාවී
මා යන මාවත සරසාලා
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...