සිහිලැල් වූ සිහිනෙක මා හා
දැවටී ආවා ඔබේ සේයා
සිහිලැල් වූ හැඟුමක මා හා
උණුසුම දැල්වූවා සදා
හසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාද දී
නිල්වන් නෙත් විලේ කැල්මකි ආදරේ
මුවරද රේණු රොන් පිරී උතුරා
සුවඳට හාදු දී පුබුදයි ජීවිතේ කැකුළකි ආදරේ
ගිනියම් වූ සිහිනෙක මා හා
දැවටී ආවා ඔබේ සේයා
ගිනියම් වූ හැඟුමක...