දැක දැක පොලිස් නෝනේ නුඹේ හුරතලය
කහ ඉර පසු කලේ හොරහින් බල බලය
නම ගම නොඅසාම දැක තනතුර නිලය
දැන් නම් දුකයි නොලියු එක දඩ කොලය
ආපසු එද්දි ආයෙත් ඇස් දෙකින් ඇද
තනි ඉර කැපුනි මං මොනවා කරන්නද
ලයිසන් එක ගත්තේ දඬ කොල ලියන්නද
නැත්නම් ෆොටො එක විතරක් බලන්නද
මුතුවත් අකුරු මුදුවක් නැති අතින් කර
දඬ කොළයක් උනත්...