නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට
ජීවන බර දැනෙයි මහතුනි උපරිමට
සතියේ දින හතම වෙහෙසිය යුතු කලට
මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට
ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙනැති
බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී
ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී
කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී
පිටරට බෝතලය ගන්නට සල්ලි නැත...