මම මේ වෘත්තියෙන් දිනා ගෙන ඇත්තේ මුදල් වලට වඩා මිනිසුන් බව මාගේ ළග ම මිතුරෝ දනිති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ සිට සිනමා තාරකාවන් දක්වාත්, සංගීත ශිල්පීන් ගේ සිට විශේෂඥ වෛද්‍යවරුන්,මහාචාර්යවරුන් දක්වාත් රෝගීහු මාගේ සේවාලාභීහු වී සිටිති. එවන් අයගෙන් සුවිශේෂි ම මිනිසා සුනිල් අයියා බව මම සිතමි...