මේ වගේ නම් නෑ හිතුවේ නුඹ යාවි දුර හැංගිලා
ඒ තරම් දිගු කාලයක් ඇයි උන්නෙ මට ළංවෙලා
හීනෙන්වත් නෑවිත් දැන් හිටියාට ඈතට වෙලා
කඳුළුත් දැන් නොකියා ඉතින් වැටුණාට ඔහෙ ඉකිගසා
මටවත් මං නැතිවෙනකන් හුස්මත් ගිහින් හැංගිලා
යලිත් නොඑන වසන්තේ දෝ කියා
ඉතින් ඉන්නෙ ඇයි හිතේ හිරවෙලා
ගිහින් එන්න බැරි ඈතකින් නිසා...