ලෙන්ගතුකම නෙතඟ තියා
ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවාගෙන ඉන්නට බැ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින...//
ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නැ ඉවසිල්ලක්
සඳ තරමට අවිහිංසක සොදුරු හදවතක්
බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..//...