කටේ කිරි සුවද යන්නට පවා බැරි වුනා
යුදට උපන් කුමරිදු යැයි නමක් ඇති වුනා
මුල්ලෙරියා වෙළෙහි වතුර ලෙයට හැර වුනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුනා
නිතර නිතර සීතාවකැ රණ බෙර වැයුණා
කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගනන් වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා
රුසිරු පෙතං ගොඩ...