නවතින්න කලියෙන් නොවේ
ගලනා කඳුළු ඇස් දිගේ
මට දෙන්න පුළුවන් ද
එකවරක් රෝස කම්මුල් නුඹේ
මට දෙන්න පුළුවන් ද
සිපගන්න රෝස කම්මුල් නුඹේ
සංසාරයෙන් සංසාරයට
අරන් ආපු කඳුළු ද මන්දා
නුඹට දෙන්න සිත පෙරුම් පුරණ විට
ඈතට යන්නේ ඇයි මන්දා
නවතින්න .............
පින්තාරු කළ සුරංගනාවිය
මගේ ලොවට එන්නැති හින්දා...