සඳ තාරකා හොරෙන් හිනහෙන සීත රාත්රියේ
නුඹෙ රුව ඇඳී තියේ හද තුළ නිර්මලාවියේ
වෙන්වෙලා ඉන්නෙපා මගෙ සිත හඬයි පාලුවේ
නුඹ මගේ ලෝකයට පහණයි නොනිමෙනා රැයේ
පොත් මිටිය තුරුළු කර ළැම වෙත පා නඟන උදේ
මා දුටුව රෝස කැකුළයි නුඹ සුරඟනාවියේ
අද තරහ වෙලා මගෙ පෙම් සිත රිදෙව්වත් මෙසේ
මා නුඹේ ළඟයි නෑ වෙන්වී ඈතකට ගියේ...