ශාන්තිනි එන්න වතුර බටේ උඩට
ශාන්තිනි එන්න
වතුර බටේ උඩට
කිලිනොච්චි ටවුම මැද
ඒ නයින් පාර ළඟ
හතරගාතේ නිදන
වතුර බටේ උඩට
අපිත් ගියා කිලිනොච්චි
පාස් කරන් මැදවච්චි
සාමෙට පින්බෝවෙච්චි
දැක්කෙ නෑ තංගච්චි
අමාරුවෙන් බඩගාලා
වතුර බටේ උඩට
ජාතික සමගිය වැඩෙන්න
ලිව්වා අපි අපේ
නම, ගම, වාසගම
ලොකුවට
සිංහලෙන්...