අතිනත් අල්වා පිළිගැනීම.
පුද්ගලයන් දෙදෙනකු අතර ආචාර සමාචාර පැවැත්වීමේ ක්‍රම විධි රාශියක් මානවයන් අතර ව්‍යාප්තව පවතී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව වැනි රටවල යොදාගන්නා දෙඅත් එකතු කර දක්වන මුද්‍රාවට අමතරව, දෙදෙනා අත් මිට මොළවා එකිනෙකට තට්ටුකිරීම, අත ඉහළට ඔසවා විහිදීම, ජපාන...