සිත පුරා සැරිසරන්න
නෙත පුරා දැවටෙන්න
තුරුළුවී හිනැහෙන්න
මග බලමි ඔබ එන්න
රෑ අඳුර දුරලන්න
අහස් කුස සරසන්න
බලාවත් සැනසෙන්න
සඳ පාන වී එන්න
මුදු පහස ලැබගන්න
මොහොතකට සුවදෙන්න
සීතලට ගුලි වෙන්න
වැස්සවී ඔබ එන්න
සොඳුරු හඬ අහගන්න
රහසින්ම මුමුණන්න
මා ගතේ දැවටෙන්න
සුළඟවී ඔබ එන්න