1. P

    Npp ඇත්තටම හොඳයි ද...npp අනාගතය මොකක් වෙයිද....

    ඔව්. ඒක සහතික ඇත්ත. මේක තමා වෙලාව එයාලටත් ඒක එහෙම නෙවෙයි අපටත් මොනව හරි කරන්න පුළුවන් කියලා පෙන්නන්න. නැතුව ඔය පඩි ගන්නෙ නෑ. කොමිස් ගන්නෙ නෑ කියන ඒවා එක හේතුවක්වත් නෙවෙයි මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට.
  2. P

    Npp ඇත්තටම හොඳයි ද...npp අනාගතය මොකක් වෙයිද....

    අපේ ලංකාවෙ මිනිස්සු නිර්වින්දනය වෙලා ජීවත් වෙන්නේ මේ ටිකේ. මොකද එක ඩිංගක් මේවට මිඩංගු කරන්න කාලය නැති තරමට දැන් හෙම්බත් වෙලා ප්‍රශ්නවලින්ම. ඒ නිසා ඊලඟට සුනාමියක් තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. වැඩි කලක් නොයා ආණ්ඩු මාරුවක් වෙන්නත් ඉඩ තියෙනවා මේ යන විදිහට.
  3. P

    Npp ඇත්තටම හොඳයි ද...npp අනාගතය මොකක් වෙයිද....

    මේක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා මටත් හිතෙන්නේ. මේක රැල්ලක්... ඒ රැල්ලම තමයි ගෝඨාභයටත් හැදුණේ. හැබැයි මේ වෙනකොටත් බිම් මට්ටමට NPP එක මේ පණිවිඩය ගෙනියන්න සමත් වෙලා නැහැ. ඒ කියන්නෙ පළාත් පාලන මැතිවරණයෙන් NPP එක හිතන තරම් ලොකු බලයක් ලැබෙන්නෙ නැහැ. අනික මේ එක පක්ෂියකින්වත් මේ වෙනතෙක් හරියට රට ගොඩගන්න...
  4. P

    සෙනසුරු මාරුව වැඩ පටන් ගනි. නැවතත් විරොධතා රැල්ලක්

    මට හිතාගන්න බැරි තවම ඇයි මිනිස්සු නිර්වින්දනය වෙලා වගේ ඉන්නෙ කියලා. ගෙදරට කරන්ට් එක ගන්නත් Waiting List එකේ ඉන්න වෙලා තියෙන රටක් මේක. ඒකත් කලින්ට වඩා 1.5 කට ආසන්න මුදලක් ගෙවලා ඉන්න වෙලා තියෙන්නේ. එහා පැත්තෙ ගෙදර අයට මට වඩා වැඩි දුරක් තිබිලත් දැනට අවුරුදු එකහමාරකට කලින් ඇස්තමේන්තුව රු. 23,000 යි...
  5. P

    Y Fm බැලුවද -ලීක්

    PM PM ------ Post added on 1652797887
  6. P

    පැනඩෝල් සිරප් තිබේද?

    මම ගත්තා Morisons එකෙන් ගහන Paracitamol Syrup එක. බබාට උණ හැදුනම Doctor කෙනෙක් දුන්නේ. ඒක පෙන්වලා Pharmacy එකෙන් එකක් ගත්තා දැනට සතියකට කලින්. ඔයාට ගන්න පුළුවන් වෙයි ඒක නම්. රු.75 ක් වගේ වෙන්නේ. Doctor නම් කිව්වේ 4ml වගේ දෙන්න කියලා. ඒත් අපි 2.5ml වගේ දෙන්නේ බබාට. ඒකත් හොඳයි කියලා හිතෙනවා. ඔයාට...
  7. P

    ගෙවල් හදන්න යන්න එපා මේ දවස්වල

    දැන් බාත්රූම් වැඩේ අතඇරියා. කාමරෙයි කුස්සියයි තමයි කරගන්න හදන්නේ. නාගන්න එළියෙන් තාවකාලිකව තැනක් හදනවා සිමෙන්ති ගල් වලින් තහඩු වහලයක් ගහලා. නැත්නම් කුස්සිය හදන්න සල්ලි මදි වෙනවා. ඇත්තම තත්ත්වෙ ඕකයි.
  8. P

    ගෙවල් හදන්න යන්න එපා මේ දවස්වල

    මමත් ගේ හදන්න ගත්තා ගිය මාසෙ. පටන් ගන්නකොට අදහස තිබුණේ ස්ලැබ් එකක් දාගන්න කුස්සියයි කාමරයයි බාත්රූම් එකටයි. ඒත් මිල ගණන් වැඩි නිසා කළු ගලෙන් අත්තිවාරම් දාලා තනි තට්ටුවට ඒ ටික හදන්න වැඩ කරගෙන යනවා. දැන් බිත්ති බදින ගමන්.බ්ලොක් ගලක් ගත්තේ 75 ගානේ. දැන් වැඩි ඇති. සිමෙන්ති ගත්තා කලින්ම. දැන් මේ...
  9. P

    ස්කූටරය

    2014 දි ගත්තු Honda Dioව තමයි තාම පදින්නේ. ඊට වඩා එහෙකට යන්න උවමනාව තිබ්බට මේකෙන් කරගන්න වැඩටික ඒ වගේ රෝද දෙකකින් කරගන්න අමාරුයි. තව ඉස්සරහට වෙන වාහනේකට ගියත් කීයටවත් Dio ව නම් දෙන්නේ නැහැ කියල හිතාගෙනයි ඉන්නේ. ඒ තරමට මට නම් මේ වාහනේ වටිනවා.
  10. P

    anuradhapura වන්දනා ගමනක්

    Wife ගෙ මහ ගෙවල් අනුරාධපුරේ. අපි නිතරම යනවා එනවා. අපි පදිංචියට යන්නත් හිතන් ඉන්නේ එහේ තමයි. අටමස්ථානෙට යනවා නම් උදෙන්ම යන්න. නාන එක ගැන නම් කියන්න තියෙන්නේ නුවර වැවත් තියෙනවා නාන්න. ඒත් දෙපාරක් හිතන්න මොකද තියෙන වසංගත තත්ත්වෙත් එක්ක. කෑම ගැන නම් දන්නෙ නැහැ මොකද අපි කෑම පිටින් ගන්නෙ නැති නිසා...
  11. P

    අටමස්ථානයට

    රුවන්ලීවැලිසෑය වෙහෙර පාර්ක් එක ළඟ තියෙනවා දන්න විදිහට. එතනින් ගත්තා නම් හැබැයි ලාබ වෙයි. මොකද එතන ඉඳන් දුර අඩුයි අනික් තැන්වලට.
  12. P

    පළවෙනි කාර් එක

    මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කත් ආස හිතෙනවා. ඒ නිසයි මේ ටික කොටන්න හිතුණේ. කාර් හීනෙ හිතේ තියෙනවා. මටවත් වයිෆ්ටවත් පරම්පරාවෙන් සල්ලි නැහැ. කාටවත් දෙන්න විදිහකුත් නෑ. ඒ නිසා බයික් එකක් ගත්තේ ඉස්සෙල්ලම. අපි දෙන්නගෙම උත්සහයෙන්. ඒක ගත්තෙ අවු. 26 දී. Honda Dio (Brand New) බැංකු ණයක් අරන් ගත්තේ. කලින්...
  13. P

    තමන්ගෙ දේපල පවා ලියල දීලා ඉස්සර ශ්‍රී පාදය වන්දනා කරපු හැටි අහල තිබුණට දැකල නෑනේ ! 🙏☸️🏔️

    ඉස්සර ශ්‍රීපාදය පෙනුනා කියලා කියන්නෙ ඔය පළවෙනි පින්තූරෙ තියෙන ගල ඇතුළෙන් වෙන්න ඇති.
  14. P

    අටමස්ථානයට

    දවස් දෙකක් තුනක් ඉන්න පුළුවන් නම් පයින් යන්න. ඒක ගොඩක් හොඳයි. හැබැයි මේ දවස්වල තද අව්ව. ඒ නිසා තමයි අවුල. ඔයාට හරි යන කාට හරි Driving License තියෙනවා නම්, වාහනයක් කුලියට ගන්න. එක දවසෙන් අටමස්ථානෙම ඇවිදින්න පුළුවන්. ගොඩක් තැන් ළඟ තමයි තියෙන්නේ. මම වයිෆ් එක්ක යනකොට යන්නේ Bike එකේ. වයිෆ්ගෙ අම්මලාගෙ...
  15. P

    Damro 32"LED TV (HD ready-Res.1366 X 768)

    එහෙම කිසිම අවුලක් නෑ. උඹට පුළුවන් නම් Mail ID එක දාපන් මම Photos ටිකක් එවන්නම්. Innovex කිව්වත් Damro කිව්වත් එකම කම්පැනියෙ බඩු නේ. මම ගත්තෙ Damro එක. ගාණත් අඩුයි නේ. අඩේ දැන් දැක්කේ. ගාණ වැඩි වෙලා නේ. දැන් 27,900 යි. මේ තියෙන්නේ ලින්ක් එක. https://damro.lk/product/damro-drtv326t/
  16. P

    Damro 32"LED TV (HD ready-Res.1366 X 768)

    24,900.00 යි. අවුරුදු 03 ක Warranty එක්ක. Photo දාන්න විදිහක් නැහැ Size එක වැඩියිලු..🤔
  17. P

    Damro 32"LED TV (HD ready-Res.1366 X 768)

    මම ගත්තා Damro 32 Inches එක. Photos ටිකක් දාන්නම්. ස්ක්‍රීන් එකට අමතර ටෙම්පර්ඩ් එකක් තියේ. USB X 2, HDMI X 2, AV X 2, Headphone 3.5mm X 1 තියෙනවා. මම පාවිච්චි කරන්නෙ Dialog TV Connection එකක්. ඒ නිසා මට නම් ඒ ගානට වටිනවා ගොඩක්. අවුරුදු 03 ක Warranty තියෙනවා. දම්රෝ එකේ ටවුන් එකේ තියෙන Branch එකේ...
  18. P

    සින්හල පොත් collection - 2

    මම බාගත්තා සෙට් එකම. තෑන්ක්ස් සහෝදරයා...

    No contents