අටමස්ථානයට

Misc_User

Active member
  • Jun 9, 2018
    273
    133
    43
    අපි අනුරාධපුරේ යන්න ඉන්නේ. අපි නවතින තැනින් කිව්වා අටමස්ථානය වටේ යන්න 1700ක් කියලා (Transport වලට).

    අපේ අම්මල කලින් 800 විතර ගිහින් තියෙනවලු.

    ඒ ගානට සෙට් කර ගන්න පුලුවන්ද? දන්න තැන් තියෙනවා නම්, විස්තර දෙන්න.


    ස්තුතියි!
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් නන් 800 ට යන එකක් නෑ කවුරුවත්. 1500ක් වත් ගනීවි

    හැබැයි දවස් 3-4ක් ඉදලා හොදට වෙලා අරගෙන වන්දනා කරනව නන් පයින්ම යන්න පුලුවන් ඔක්කොටම.
     

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    දවස් දෙකක් තුනක් ඉන්න පුළුවන් නම් පයින් යන්න. ඒක ගොඩක් හොඳයි. හැබැයි මේ දවස්වල තද අව්ව. ඒ නිසා තමයි අවුල. ඔයාට හරි යන කාට හරි Driving License තියෙනවා නම්, වාහනයක් කුලියට ගන්න. එක දවසෙන් අටමස්ථානෙම ඇවිදින්න පුළුවන්. ගොඩක් තැන් ළඟ තමයි තියෙන්නේ. මම වයිෆ් එක්ක යනකොට යන්නේ Bike එකේ. වයිෆ්ගෙ අම්මලාගෙ ගෙදර ඉඳලා කිලෝමීටර් 04 යි තියෙන්නේ පූජා නගරෙට. ඒ ටිකේ ඇවිදිනවා එක දවසෙන්. ඉන් පස්සෙ ඔය දුර තැන් දෙක තුනක යනවා. මිහින්තලෙත් අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 11 ක් වගේ දුරකින් තමයි තියෙන්නේ. 1700 ට නම් පාඩු නැහැ හැබැයි. අවුරුදු තුන හතරකට කලින් බස් එකකුත් තිබුණා වගේ මතකයි. දැන් නම් තියෙනවාද දන්නෙ නැහැ. කොහොමත් රුවන්වැලිසෑය වගේ තැන් වලට යනවා නම් හවස් වරුව ගොඩක් හොඳයි. ජේතවනාරාමයට ඉර බැහැගෙන යන වෙලාවට ගියාම දැනෙන හැඟීම ගැන කියන්න වචන නැහැ. ඒ අත්දැකීම නම් ගන්නම ඔන. ඔයාල නවතින තැන කොයි පැත්තෙද තියෙන්නෙ, තව එතන ඉඳලා දුර කොහොමද අටමස්ථානයට කියන ඒව ගැන ටිකක් හොයල බලන්න. මොකද සමහරු දැන් බිස්නස් එකක් කරන්නෙ.

    ඔයාල එන්නෙ නුවර පාරෙන් නම් අටමස්ථානෙ බලන්න යාපනේ හන්දියෙන් වම් අත පැත්තට හරවන්නෙ නැතිව කෙලින්ම යන්න රේල් පාරත් එක්කම තියෙන පාරෙන්. එහෙම ගිහින් දකුණු අත පැත්තට තියෙන පළවෙනි පාරෙන් හැරුණම දැන්වීම් පුවරු තියෙනවා. ඒවා බලාගෙන වන්දනා කරගන්න යන්න. ඒක ලේසියි වාහන ගොඩ මැද්දෙන් යනවට වඩා. අනික යාපනේ හන්දියෙන් වම් අත පැත්තට දාල යනකොට මාර්කට් හන්දියෙන් හරවලා අටමස්ථානෙ පැත්තට ගියත් ඒ පැත්තෙ පාර්කින් ඒරියා එක දැන් වහලා තියෙන්නේ හදන නිසා. අර පැත්තෙන් ගියහම ඔයාලට ලේසියෙන්ම ගොඩක් තැන්වලට කරදරයක් නැතිවම යාගන්න පුළුවන් වාහන අඩු නිසා.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ත්‍රීවිල් එකක්ද?

    ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි සෑය, ලෝවා මහාපාය,
    තුනටම එක කා පාක් එකකට දාල පයින් යන්න තියෙන්නෙ.
    මිරිසවැටිය තියෙන්නෙත් ශ්‍රී මහ බෝධියෙ ඉඳන් ඉඳන් කි. මී 1කින් විතර දුරකින්.
    ථූපාරමයටත් තියෙන්නෙ ඒ වගේම පොඩි දුරක්.

    ටිකක් දුරින් තියෙන්නෙ ජේතවනාරමය, අභයගිරිය, ලංකාරාමය තමයි.

    අටමස්ථානෙම එක දවසින් යනවනං උඩ පැකේජ් එක අවුලක් නෑ. දවස් දෙකකට වගේ යනවනං

    වෙන වෙනම වාහන කතා කරගෙන යන්න. අටමස්ථානෙ කිවුවම ගාණ ටිකක් වැඩිවෙයි. යන්න ඕනෙ තැන කියල ගියාම තව ගණං අඩුවෙයි.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කීදෙනෙක් යන්නද?
    ජයශ්‍රී මහා බෝධිය,රුවන්වැලි සෑය, ථූපාරාමය පයින් ඇවිදන් යන දුර තියෙන්නේ. ජේතවනාරාම ටත් ථූපාරාමයේ ඉඳන් පොඩි දුරයි තියෙන්නේ. ඒවගේ පයින් ගියානම් අනිත් යන්න ඕනි ටික ත්‍රි විල් එකක් හයර කරගෙන යන්න තියෙන්නේ. මේ දවස් වල නම් පට්ටම රස්නෙයි. රු.1700 නම් අවුලක් නෑ කියලා හිතෙන්නේ.
     

    Misc_User

    Active member
  • Jun 9, 2018
    273
    133
    43
    අටමස්ථානයේ ත්‍රීවිල් එහෙම තියෙනවද? හැමතැනම?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මම මේ මාසේ මුල ගියා අවුලකට තිබ්බේ රස්නය තමයි පුලුවන්නම් උදේ පාන්දර වගේ වැද ගන්න බලන්න දවස් දෙකක් වගේ ඉන්නවන්ම් සමහර තැන් රැට අනිත් එවා පාන්දර වගේ ගියනම් හරි
     

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    අටමස්ථානයේ ත්‍රීවිල් එහෙම තියෙනවද? හැමතැනම?
    රුවන්ලීවැලිසෑය වෙහෙර පාර්ක් එක ළඟ තියෙනවා දන්න විදිහට. එතනින් ගත්තා නම් හැබැයි ලාබ වෙයි. මොකද එතන ඉඳන් දුර අඩුයි අනික් තැන්වලට.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    ammala oya kiynne non ac 53- wage parana wahana ladi wla wenna athi... ehm ewnam market side sathosa gaawin udem giyoth rent krnn plwn... but mmnm kynne 1700ta padu nha oya okkoma awidinna.. anika oka loweth ac quality van ekk wenna athi..

    check this - ss cabs a/pura
     

    samigrr

    Junior member
  • Nov 2, 2006
    38
    5
    8
    Anuradhapura

    Anuradhapura is one of the ancient cities in Sri Lanka, well known for its ruins depicting early Sri Lankan civilization. It is very famous among Buddhists pilgrims.

    anuradhapura-1-sri-lanka.jpg


    https://www.srilankatravelandtourism.com/places-sri-lanka/anuradhapura/anuradhapura.php

    #srilanka #anuradhapura #travel #tourism