සංස්කරණ කටයුතු වලදි සිදුවුණු පොඩිම පොඩි අතපසුවිමක් නිසා තිරගත වුණු දවසෙ ඉදලා අද වෙනකම් ම සියළුම "copyright Laws" වලින් මිදිලා "Public domain" එකක් විදිහට පවතින ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපටයක් තියෙන බව දන්නව ද? මේ සුවිශේෂ සිදුවීමට මුහුණ දුන්නෙ "Universal' ස්ටූඩියෝව මගින් නිෂ්පාදනය කරලා 1963 අවුරුද්දෙදි තිරගත කරපු "Charade" කියන හොලිවුඩ් චිත්‍රපටියයි. ඒකාලෙ ලෝකෙ හිටපු ප්‍රසිද්ධම හොලිවුඩ් නළු නිළි දෙපළක් වුණු "Cary Grant" සහ "Audrey Hepburn" තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පෙව්වෙ. "Charade" චිත්‍රපටිය මෙහෙම "Public domain" එකක් බවට පත්වුණේ කොහොම ද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් විස්තර කරන්නෙ.
සම්පූර්ණ චිත්‍රපටිය ම "Youtube' එකේ තියෙනවා කැමති කෙනෙක්ට බලන්න ඕන නම්.
සම්පූර්ණ චිත්‍රපටිය ම "Youtube' එකේ තියෙනවා කැමති කෙනෙක්ට බලන්න ඕන නම්.