""·٠• ආදරේ අහස තරම් •٠·""

""·٠• ආදරේ අහස තරම් •٠·""

529588_422866421132541_1585361597_n.jpg


ආදරවන්තයන්ගේ දිනය කියන්නේ ආදරය වෙනුවෙන් සටන් කරපු දවසක් - බිමල් රත්නායක

''ආදරවන්තයන්ගේ දිනය කියන්නේ ආදරය වෙනුවෙන් සටන් කරපු දවසක් බවත් ඒ දිනය සැමරීමට කොම්පැනිකාරයන්ට ඉඩදිය යුතු නැති බවත් වර්තමානයේදීත් ආදරයට එරෙහිව තිබෙන බාධාවලට එරෙහි දිනයක් බවට මෙම දිනය පත්කගත යුතු බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ජවිපෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (14)ට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් ගාලුමුවදොරපිටියේ පැවැත්වූ සංකෘතික ප්‍රසංගය අවස්ථාවට සහභාගී වෙමිණි.

ආදරවන්තයන්ගේ දිනයේ තියෙන ඇත්තම ඇත්ත මේ රටේ සහෝදර සහෝදරියන්ට නංගිලා මල්ලිලාට අපි කියන්න ඕනා. ඔබ දන්නවා මේ වැලන්ටයින් දිනය කියන එක ඇතිවෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 270ව වගේ ඈත කාලෙකදී. රෝමේ හිටපු ප්‍රෝඩියස් සීසර් කියන රජවරයා ඔහුගේ යුධ උන්මාදය වෙනුවෙන් ඔහුගේ පවුල් වුවමනාව වෙනුවෙන් ඒ රටේ සාමාන්‍ය පුරවැසියන්ට, වහලුන්ට විවාහවීමට තහනම් කළා. ඒ සියළුම මනුෂ්‍ය අයිතිවාසිකම් තහනම් කරලා තිබිච්ච වෙලාවෙදි ඒ වැලන්ටයින් කියන පූජකයා ආදරවන්තයන් වෙනුවෙන් මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් ඉස්සරහට ආවා. එයා හොරෙන් විවාහ ලියාපදිංචි කළා. ඒ කාලේ 5000ක් අයකළේ නැහැ එයා. ආදරවන්තයන් වෙනුවෙන් ඔහු ජීවත්වෙච්ච නිසා කැපවෙච්ච නිසා සීසර් කියන රජ්ජුරුවෝ ඔහුව ඝාතනය කළා. ඔහු ඝාතනය කරපු දවස තමයි පෙරවාරි 14. ඒ නිසා ඇත්තටම ගත්තොත් මේ ආදරවන්තයන්ගේ දිනය කියලා කියන්නේ ආදරයට එරෙහිව තිබිච්ච බාධාවට එරෙහිව සටන් කරපු දවසක්. නිකන් අයට නෙවෙයි සීසර්ලට විරුද්ධව සටන් කරපු දවසක්. අද වෙලා තියෙන්නේ ඒ ආධරයට තිබිච්චි බාධා දැන් සීසර්ගෙ කාලෙ වගේ නූතන සීසර්ලගේ කාලේ ගොඩක් වැඩියි. කුල-මලවලින් බාධා කරනවා, ජාතිවාදයෙන් බාධා කරනවා, රස්සාවෙන් සල්ලිවලින් බාධාකරනවා, මේ ඔක්කොම බාධාවන්වලට අමතරව පාලකයනුත් බාධා කරනවා.

ඒ නිසා අපි කල්පනා කලේ මේ දිනයෙදි මේ රටේ තරුණ තරුණියන් අතරට ගිහිල්ලා කියන්න මේ දිනය සැබෑ ආදාරය වෙනුවෙන් දේපල වෙනුවට ආදරය වෙනුවෙන් කටයුතු කළයතු දවසක් කියලා.

ඇත්තටම දැන් වෙලා තියෙන්නේ ආදරවන්තයන්ගේ දිනය කොම්පැනිවලින් සමරණ එක. ඒ කියන්නේ වෙසක් පෝය දෙව්දත්ලා සමරණවා වාගේ. නත්තල ජුදාස් සමරණවා වගේ.

ඒ නිසා අපි අද මේ සංස්කෘතික ප්‍රසංගය මෙතන පමණක් නෙවෙයි. මුළු රටේම පැවැත්වුවා. නුවරඑළිය, හමුබන්තොට, තංගල්ලේ මේ හැමතැනම පැවැත්වූවා.

ඉතින් අපි බොහෝම සරල විදිහට මේ ස්ථානයේදී හැමකෙනාටම කියන්නේ ආදරවන්තයන්ගේ දිනය කොම්පැණිකාරයන්ගේ දිනයක් නෙවෙයි. මේක කුල-මල, ජාතිවාදය, ආගම්වාදය, සල්ලිවලට එරෙහිව සටන්කරපු දිනයක්.

මොකද ගොඩක් අද අපේ රටේ තරුණ තරුණියන් සියදිවිනසාගන්නවා මේ ආදරය සම්බන්ධ ප්‍රශ්න නිසා. අතීතයේදී සීසර්ලාට විරුද්ධව සටන් කරපු දවසක් මේක ඒ නිසා වර්තමානයේදීත් ආදරයට එරෙහිව තිබෙන බාධාවලට එරෙහි දිනයක් විදහට පත්කරගම්මු.''

මෙම වැඩසටහන ආරම්භ කළමොහොතේ එහි පැමිණි පොලිස්නිලධාරීන් එයට බාධා කළත් බිමල් රත්නායක මහතාගේ මැදිහත්වීමත් සමග එය ඉදිරියට කරගෙන යාම සඳහා ඉඩ ලබාදීමට ඔවුන්ට සිදුවිය.