» මහා කිවිඳිය ගජමන් නෝනා

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    » මහා කිවිඳිය ගජමන් නෝනා

    මහා කිවිඳිය ගජමන් නෝනා

    IMG_2055.jpeg

    සිංහල සාහිත්‍යයේ යුග පිළිබඳව විමසීමේ දි මාතර සාහිත්‍ය යුගය විශේෂ වැදගත්කමක්‌ දරයි. මාතර කවියට ඒ අතර හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. මාතර සාහිත්‍ය අවධිය නියෝජනය කරන කිවිඳියන් අතර රුහුණේ කිවිඳිය ලෙස විරුදාවලි ලත් ගජමන් නෝනා ගේ චරිතය නූතන කාන්තා පරපුරට ගෙන දෙන්නේ මහත් ආදර්ශයකි.

    උපත හා ගජමන් පරපුර

    ක්‍රි.ව. 1758 දී කොළඹ කොල්ලුපිටියේ උපත ලද ගජමන් නෝනා ගේ සම්පූර්ණ නාමය වන්නේ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා ය. ගජමන් පවුල විදාතාමුල්ල පරපුරට අයත් ය. විදාතාමුල්ල පරපුර කෝට්‌ටේ රාජධානිය සමයේ මහා අධිකාරම් කෙනකු දක්‌වා දිව යන්නේ ය. තංගල්ල ප්‍රදේශයේ නලගම නම් ගම්වරය ලැබ එහි පැමිණි මහා අධිකාරම්වරයකු ගේ පුතෙකු වන දොන් නිකලස්‌ පෙරුමාල් විරත්තන මූලගේ ගමරාළ එම ගම්වරය අස්‌වද්දා සශ්‍රීක කළේ ය. එහි ඇති සශ්‍රීකත්ව ය නිසා "වී" වලට රත්නයක්‌ වීම යන අරුත් ඇතිව වී රත්න නමින් ප්‍රසිද්ධ විය. ඉන්පසු නලගම ගම්වරය ලබා මෙහි පැමිණියේ විරත්තන මුලගේ පේදිරික්‌ පෙරුමාල් ය. මොහු සද්ධ විද්ධ මුතු කුමාරණ දෝන ගිමාරා නම් කුල කාන්තාව සම`ග විවාහ වී දරුවන් සිව් දෙනකු ලැබූ අතර විදාතාමුල්ල ගමගේ දොන් දාංචි ද සිල්වා අභය ගුණවර්ධන සමරජීව හෙවත් පත්තායමේ ලේකම් ඉන් එක්‌ දරුවෙකි. පත්තායමේ ලේකම් ගජමන් නෝනාගේ මාමා කෙනෙකි.

    ගිරුවා පත්තුවේ බෙලි අත්ත ප්‍රදේශයේ කහවත්ත තෝම්බුව භාර විදානේවරයා හා ගජමන් ආරච්චි වසම භාරව කටයුතු කළ විදාතාමුල්ල ගමගේ දොන් ප්‍රැන්සිස්‌කු සේනාරත්න ගජමන් නෝනා ගේ පියා ය. මොහු ක්‍රි.ව. 1737 දී උපන් අතර ක්‍රි.ව. 1757 පමණ කාලවකවානුවේදී කොළඹ කොල්ලුපිටියට පැමිණ මිලාගිරිය පල්ලියේ දී බෞතිස්‌ම ලැබීය. මොහු ගජමන් ආරච්චි වසම භාරව කටයුතු කළ නිසා ගජමන් ආරච්චි නමින් ප්‍රසිද්ධ වී සිටියේ ය. ඒ නිසා ඇගේ දියණිය වූ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා ද ගජමන් නෝනා නමින් ප්‍රසිද්ධ විය. මේ තොරතුරු අනුව ගජමන් පවුල විදාතාමුල්ල පරපුරට අයත් නිසා ගජමන් පරපුරේ උපන් භූමිය වන්නේ බෙලිඅත්තේ කහවත්ත ප්‍රදේශය යි. යම් ප්‍රමාණයකට දැන උගත්කමක්‌ ලබා සිටි ගජමන් ආරච්චි කොළඹට පැමිණ රණවක තෙන්නකෝන් ගිරුවාපත්තු මුදලිගේ ලියන අප්පු ලෙස සේවය කළේ ය.

    මෙලෙස කොල්ලුපිටියට පැමිණි ගජමන් ආරච්චි ක්‍රි.ව. 1758.02.05 දින මිලාගිරිය පල්ලියේ තෝම්බුව භාරව මෙන්ම එම පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කළ කොන්ද ගමගේ ජසෙන්තු ග්‍රේරු ගේ තෙවෙනි දරුවා වූ ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත් නෝනා බබා හාමිනේ සම`ග විවාහ විය. ඇය ද මිලාගිරිය පාසලේ ගුරුවරියක්‌ ලෙස සේවය කළාය. මෙම විවාහයෙන් ගජමන් ආරච්චි හා ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත් බබා හාමිනේ යුවළට දරුවන් තිදෙනකු සිටි අතර එයින් වැඩිමහල් දියණිය වූයේ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා හෙවත් ගජමන් නෝනා ය. ඇය ද මිලාගිරිය පාසලේම අධ්‍යාපනය ලැබුවා ය. ඇගේ ළමා කාලය කොල්ලුපිටියේ ගෙවී ගියේ ය.

    ගජමන් නෝනාගේ තුරුණු විය

    කොළඹ ලන්දේසි ආණ්‌ඩුකාරවරයා විසින් ගජමන් ආරච්චිට බෙලිඅත්ත - කහවත්ත තෝම්බුව හා ගජමන් ආරච්චි වසම ලබා දෙන ලදුව ඔහු සිය පවුල ම සමග නැවත තම උපන් ගම වූ බෙලිඅත්ත ප්‍රදේශයේ කහවත්තට පැමිණියේ ය. මේ අවධියේ ගජමන් නෝනා තම ළමා කාලය නිමා කර නව යොවුන් යෞවනියක වීමේ ආසන්න අවධියක සිටියා ය. උපන් ගමට පැමිණීමත් සමගම ගජමන් නෝනාට තම මාමා වු පත්තායමේ ලේකම් ගේ ඇසුරු ලැබීමට අවස්‌ථාවක්‌ ලැබුණි. පත්තායමේ ලේකම්තුමා ද මෙකල සිංහල භාෂාව කාව්‍ය ශාස්‌ත්‍රය ආදී විෂයන් පිළිබඳව හසළ දැනුමකින් යුක්‌ත පුද්ගලයෙක්‌ විය. තම මාමා ගේ ඇසුරේ හිඳිමින් ගජමන් නෝනා තමන් ගේ කවීත්වය ඔප මට්‌ටම් කර ගත්තා ය.

    මෙලෙස ඇය බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේ ජීවත්ව සිටිය දී ක්‍රි.ව. 1772 ගජමන් ආරච්චි මාතර තෝම්බුව භාර නිලධාරියා ලෙස පත් වීsය. එම පත්වීමත් සම`ග ගජමන් ආරච්චි ඇතුළු සිය පවුලේ සියලු දෙනාම මාතර වේරගම්පිට තුප්පහි වත්තේ නිවසකට පදිංචියට ආහ. මේ වන විට ගජමන් නෝනාගේ වයස අවුරුදු දාහතර ක්‌ පමණ වීsය.

    මාතරට පැමිණීම ගජමන් නෝනාගේ කවීත්වය දියුණු කර ගන්නට ලැබුණු වරප්‍රසාදයක්‌ විය. එයට හේතුව එකල ලංකාවේ ම චිර ප්‍රසිද්ධ උගත් පඬිරුවනක්‌ ලෙස වැජඹුණ කරතොට ධම්මාරාම හිමියන්ගෙන් ඉගෙන ගැනීමට ඇයට අවස්‌ථාවක්‌ උදාවීමයි. ගජමන් නෝනා පදිංචිව සිටි වේරගම්පිට තුප්පහි වත්තේ නිවසට ආසන්නව පිහිටා ඇති වේරගම්පිට රජමහා විහාරයේ කරතොට ධම්මාරාම හිමි මෙකල වැඩ සිටියේ ය. උන්වහන්සේ මහනුවර මල්වතු විහාරයේ මුල් කාලයේ වැඩ සිටි බව සඳහන් වුවත් ක්‍රි.ව. 1785 සිට වේරගම්පිට රජමහා විහාරයේ වැඩ වාසය කළ බව තොරතුරුවලින් තහවුරු වේ. (කරතොට වත 18 පිට) ජනප්‍රවාදගත තොරතුරුවල සඳහන් වන්නේ කාන්තාවන්ට එකල භික්‌ෂූන් වහන්සේගේ ඇසුරෙහි අධ්‍යාපනය ලැබීම නොගැළපෙන දෙයක්‌ යෑයි සමාජ සම්මතයක්‌ වී තිබූ නිසා ගජමන් නෝනා පිරිමි ළමයකුගේ වෙස්‌ ගෙන කරතොට නාහිමියන්ගෙන් කාව්‍ය ශාස්‌ත්‍රය ඉගෙන ගත් බවයි. මෙම ජනප්‍රවාදගත කථා ප්‍රවෘත්තිය තරමක්‌ විමසීමට ලක්‌ කළ යුතුය. ගජමන් ආරච්චි ඇතුළු සිය පවුල මාතර වේරගම්පිට තුප්පහි වත්තේ පදිංචියට එන්නේ ක්‍රි.ව. 1772 වර්ෂයේ දීය. ඒ වන විට ගජමන් නෝනා ගේ වයස අවුරුදු දාහතරකි. කරතොට වත නැමැති ග්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට කරතොට ධම්මාරාම හිමි මාතර වේරගම්පිට විහාරස්‌ථානයේ වාසයට එන්නේ ක්‍රි.ව. 1785 දීය. ඒ වන විට ගජමන් නෝනා ගේ වයස අවුරුදු 27 කි. මේ වන විට ඇය එක්‌දරු මවකි. මෙම වයසේ කාන්තාවකට තම ස්‌ත්‍රීත්වය ස`ගවාගෙන පිරිමියෙකු ගේ වෙස්‌ ගත හැකි ද යන්න ප්‍රධාන ගැටලුවකි. අනෙක්‌ කාරණාව වන්නේ මාතර තොම්බුව භාරව සිටි ගජමන් ආරච්චි මාතර ප්‍රදේශයේ මේ වන විට ඉතාම ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත් ව සිටීමය.

    එවැනි ජනප්‍රියත්වයක්‌ ඉසිලු ගජමන් ආරච්චි ගේ දියණිය ගැන ඇය ජීවත් වූ නිවස අවට වේරගම්පිට ප්‍රදේශයේ ජනතාව අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුය. වේරගම්පිට විහාරස්‌ථානයට ඉතාම ආසන්නයේ පිහිටා තිබූ ගජමන් ආරච්චිගේ නිවසේ ජීවත් වන පවුලේ අය පිළිබඳ තොරතුරු කරතොට ධම්මාරාම හිමි අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුය. මේ නිසා ගජමන් නෝනා පිරිමි වෙස්‌ ගෙන කරතොට ධම්මාරාම හිමියන්ගෙන් ඉගෙන ගැනීමට පන්සලට ගිය බවට ඇති ජනප්‍රවාදය එතරම් තාර්කික නොවේ. ගජමන් නෝනා කාව්‍ය ශාස්‌ත්‍රයේ මුල් අකුරු තම මාමා වූ පත්තායමේ ලේකම්තුමාගෙන් ඉගෙන ගන්නට ඇත. වේරගම්පිට පදිංචිව සිටි ඇයට කරතොට ධම්මාරාම වැනි පඬිරුවනක්‌ නිවස අසල විහාරස්‌ථානයේ වැඩ සිටින විට උන්වහන්සේගෙන් කාව්‍ය ශාස්‌ත්‍රය ඉගෙන ගැනීමට ආශාවක්‌ ඇතිවීම ශාස්‌ත්‍රලෝභී යුවතියක වශයෙන් ඇයට උපදින්නට ඇත. ඒ නිසා ඇය පිරිමි වෙස්‌ගෙන නොව සැබෑ ස්‌වරූපයෙන්ම ධම්මාරාම හිමියන් වෙත ගොස්‌ දිනකට පැය දෙකක්‌ තුනක්‌ විවේකී අවස්‌ථාවල අවශ්‍ය කරුණු කාරණා උන්වහන්සේ සම`ග සාකච්ඡා කරමින් ඉගෙන ගන්නට ඇත.

    ගජමන් නෝනා වැනි සුරූපී යුවතියක්‌ නිරන්තරයෙන් ධම්මාරාම හිමියන් බැහැදැකීමට විහාරස්‌ථානයට යැම නිසා එකළ සමාජයේ කයිකතන්දර පැතිර තිබුණි. ඒවායේ සත්‍යාසත්‍යතාව කෙසේ වුවත් එම කයිකතන්දර නිසා ගජමන් නෝනා මහත් සිත් තැවුලකට පත්ව සිටි බව ඇය කරතොට ධම්මාරාම හිමියන්ට ලියන ලද පහත සඳහන් කවියෙන් පැහැදිලි වේ.

    "සෑසි බසය සස`ගය දුකි අපි යන්නේ
    රිසි අය වියෝ වීම ද දුක්‌ වන්නේ
    වසී දින අරම බල අපි අහිතන්නේ
    දැසි ඉන් මෙ ඔබ දක්‌නට නැත එන්නේ"


    ගජමන් නෝනා මෙකල මාතර කිවිඳියක ලෙස ඉතා ජනප්‍රියත්වයකට පත්ව සිටියාය. ඒ නිසා ඇය ප්‍රදේශයේ උගත් බුද්ධිමත් ගිහි විද්වතුන් මෙන්ම ප්‍රදේශයේ ප්‍රසිද්ධියක්‌ ඉසිලු මහා යතිවරයාණන් කිහිප දෙනකුම ඉතා සමීපව ඇසුරු කළා ය. මෙම ඇසුර හුදු ශාස්‌ත්‍රීය පදනමක්‌ මත ගොඩනැගුණ ඇසුරක්‌ වුවද සමාජය එම සම්බන්ධතාව වැරදි දෘෂ්ටිකෝණයකින් අර්ථකථනය කළ බව පැහැදිලිය. ඇය එකල රුහුණේ ප්‍රකට භික්‌ෂුවක්‌ ලෙස සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සමග අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යන බවට සමාජයේ කට කතා පැතිර තිබීම මෙයට කදිම උදාහරණයකි. මෙම කටකතා පතුරුවන මිනිසුන්ට ඇය තමන්ගේ කවීත්වය යොදා ගෙන කදිමට ප්‍රහාර එල්ල කළාය. ඒ මෙසේය

    "වටිනා කියන මේ මගේ තුරුණු තුන විල
    සිටිනා මළුවේ සමිඳුට පුද කෙළෙමි බොල
    සිටිනා මෙ ගම සහ දන ආවට ගම් වල
    තුටිනා එපින් අනුමෝදන් වව් සියල"


    සුරූපී යුවතියකට සමාජ සම්බන්ධතා ගොඩනගා ගනිමින් ජීවත් වීමේ දී ඇයට අභූත චෝදනා එල්ල වීම අද සමාජයේ මෙන්ම එදා සමාජයේ ද පවතින්නට ඇත. නමුත් එවන් කටකතාවලින් නොසැලී ජීවිතයේ යථාර්ථයට මුහුණ දීමට තරම් ශක්‌තියක්‌ ගජමන් නෝනාට තිබුණු බව මෙම කවිවලින් පැහැදිලි වේ. ඇයගේ ආත්ම විශ්වාසගත ස්‌වභාවය නූතන කාන්තාවන්ට ගෙන එන්නේ මහත් ආදර්ශයකි.

    ළමා අවධියේ සිට යෞවනත්වය තෙක්‌ තම දෙමාපිය ඇසුරේ හැදුණු වැඩුණු ගජමන් නෝනා වයස අවුරුදු දෙවිසි වියේ දී ගාල්ලේ තල්පේ මෙරංචිගෙයි ගර්දියෙස්‌ ආරච්චි සම`ග විවාහ වුවාය. ගවුම් සාය අත්දිග හැට්‌ටය ඇ මාල වළලු පැළඳී ඇය සුරූපිනියක වූවාය. විවාහයෙන් පසු ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ පදිංචියට ගිය ඇයට එම ප්‍රදේශයේ ජනතාව ඉතා ගෞරවයෙන් සැලකූහ. ගජමන් නෝනා සම`ග විවාහ වුq ගාර්දියෙස්‌ ආරච්චිද කවියට ලැදි පුද්ගලයෙකි. එනිසා මෙම දෙදෙනාම ඉතාම සුන්දර විවාහ ජීවිතයක්‌ ගත කළ බව සිතිය හැකිය. ගර්දියෙස්‌ ගමනක්‌ යැමට සූදානම්ව ගජමන් නෝනාට කියු කවියකින් මේ බව තහවුරු වේ.

    "යන මේ ගමන් සිදු වුණි නම් පර මාද
    එන තුරු අන් දෙස නොබලන් සිතූ පෑද
    අලපත පැන් වැකිs විලසින් නොව හාද
    සිහිව ඉදින් ළඳේ මා දුන් අව වාද"


    ගජමන් නෝනා ද මෙම අවවාදයට කවියෙන්ම පිළිතුරු දුන්නාය.

    "හිමියනි ගම්වල අ`ගනුන් නොවසාද
    එනු විගසින් එහි නොවමින් පරමාද
    හිමියනි දැන් ඔබ මට දුන් අවවාද
    මම ඉවසම් මද රද ඉවසුම් දේද"


    තමන්ගේ බිරිඳගේ රූප ශෝභාව නිසා ගාර්දියෙස්‌ ආරච්චි යම් සතුටක්‌ භූක්‌ති වින්දත් ඇය ගැන පැතිරුණු කටකතා නිසා ඇති වුණු සැකයක්‌ ද ගාර්දියෙස්‌ ගේ සිතේ කොනක තිබුණ බව ඔහු ගමනක්‌ පිටත්ව යැමට පෙර දුන් අවවාදයෙන් පැහැදිලි වේ. එහෙත් එය ගණන් නොගත් ගජමන් නෝනා ඔබ එන තෙක්‌ මට ඉවසිය හැකි වුවත් "මද රද ඉවසුම් දේද" යනුවෙන් නගන ප්‍රශ්නයෙන් ඇගේ පැවති රාගී බව යම් දුරකට ගම්‍යමාන වේ. අලුත විවාහ වුණු තරුණ යුවතියක්‌ තුළ මෙවැනි හැඟීම් ජනිත වීම සාධාරණය. ඇය එම හැඟීම් නොවලහා තම සැමියාට ප්‍රකාශ කර ඇත. මේ සංවාදය තුළින් අර්ථවත් වන්නේ සුන්දර විවාහ ජීවිතයක මතකයන් ය. මෙම විවාහයෙන් ගජමන් නෝනා එක්‌ දරුවෙකු ලැබුවාය. ඔහු දොන් ජුවානිස්‌ අල්විස්‌ නම් විය. නමුත් ඇයගේ මෙම සොඳුරු විවාහ ජීවිතය පැවතුනේ වසර දෙකක පමණ කාලයක්‌ පමණි. ගජමන් නෝනා වැන්දඹුවක්‌ බවට පත් කරමින් ගාර්දියෙස්‌ ආරච්චි මිය ගියේය. ඉන් අනතුරුව ඇය පියාගේ ඉල්ලීම මත නැවත මාතර පදිංචියට පැමිණ මව්පියන් සමග සිය දරුවාද රැක බලා ගෙන ජීවත් වූවා ය.

    අද මෙන්ම වැන්දඹු කාන්තාවකට එකල සමාජයේ තනිව ජීවත්වීම අපහසු විය. ගජමන් නෝනා ගේ පහස ලබා ගැනීමට එකල බොහෝ ප්‍රභූවරු උත්සාහ කළහ. එහෙත් ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙමින් ගජමන් නෝනා තමන් ගේ ආත්මගරුත්වය ආරක්‍ෂා කර ගනිමින් ජීවත් වූවා ය. අවසානයේ තම දෙමව්පියන් ගේ ඉල්ලීම පරිදි ඇය දෙවන වරට ද විවාහ වුවාය. ඒ මාතර උයන්වත්තේ විසූ දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම් සම`ග ය. ඔහුත් සම`ග සැපවත් ජීවිතයක්‌ ගත කළ ගජමන් නෝනා ගේ දෙවන විවාහය ද අවුරුදු අටකින් කෙළවර විය. එම විවාහයෙන් ලැබූ දොන් ගිරි ගෝරිස්‌a, දොන් දාවිත්a, දොන් දියස්‌ නම් පුතුන් තිදෙනෙකු ද සම`ග ඇය නැවතත් කන වැන්දුමියක්‌ වූවා ය.

    ගජමන් නෝනාගේ ජීවිතයේ මැදි විය

    තමා ගේ විවාහයන් දෙකම අකාලයේ ස්‌වාමි පුරුෂයන් මිය යැම හේතු කොට ගෙන නිමා වීම පිළිබඳව ගජමන් නෝනා දැඩි කනස්‌සල්ලෙන් පසු වුවාය. මේ වන විට ඇය ජීවිතයේ මැදිවියට එළඔ සිටි අතර දරුවන් සිව්දෙනකු ගේ මවක්‌ ද වන්නී ය. තමාට හා තම දරුපවුලට පියාගේ රැකවරණය යම් තරමකට ලැබුණ ද දරුවන් සිව්දෙනකු ගේ ජීවන බර තනිව කරට ගෙන කටයුතු කිරීමට ඇයට සිදුවිය. ජීවිතයේ මැදි වියේ පසු වුවත් රූප ශෝභාවෙන් අඩුවක්‌ නොවුනු ගජමන් නෝනාගේ පහස ලැබීමට ප්‍රදේශයේ ප්‍රභූවරුන් යම් යම් උත්සාහයන්වල නිරත වීම ද ඇයට තිබූ ගැටලුවකි. නමුත් මෙම සියලු අභියෝගවලට මුහුණ දෙමින් ඇය ජීවිතයට මුහුණ දුන් ආකාරය නූතන වනිතාවන්ට මහත් ආදර්ශයක්‌ ගෙන දෙන්නේ ය.

    වැන්දඹුවක ලෙස ජීවත් වීමේ දී ගජමන් නෝනා ගේ ජීවිතයට එබිකම් කරමින් ඇය හා ප්‍රේම සම්බන්ධතාවයක්‌ ඇති කර ගැනීමට උත්සාහ ගත් ප්‍රභූවරුන් අතර ඇලපාත මුදලිතුමාට හිමි වන්නේ වැදගත් තැනකි. ඇලපාත මුදලි යනු කරතොට නා හිමියන්ගේ ශිෂ්‍ය භික්‌ෂුවක්‌ව හිඳ පසුව උපැවිදිව කිතු දහම වැළඳ ගෙන එදිනම අළුත්කු=රු කෝරළයෙහි දිසාපති ධූරයට පත් වුවෙකි. (කරතොට වත. 44 පිට) ඇලපාත මුදලි ගජමන් නෝනා පිළිබඳව සිතේ ඇතිවන ආදරණීය හැඟීම් කවි පදවලට පෙරළා ඇයගෙන් ආදරය ඉල්ලා සිටියේ ය. ගජමන් නෝනා ආදරය මෙන්ම ගෘංගාරය ද මුසුව කවියෙන් ඉදිරිපත් වූ යෝජනාවලට කවියෙන්ම පිළිතුරු දුන්නාය. ඇලපාත මුදලි හා ගජමන් නෝනා අතර හුවමාරු වූ කවි, මාතර යුගයේ කවිය ඉතාම රසවත් කිරීමට හේතුවිය.

    11-gajaman-nona.jpg

    ඇලපාත මුදලි ගජමන් නෝනාට ලියූ ශෘංගාරය මුසු කවියක්‌ හා ගජමන් නෝනා එයට පිළිතුරු ලෙස ඉදිරිපත් කළ කවියක්‌ ද මෙලෙස දැක්‌විය හැකිය.

    ඇලපාත මුදලි

    චන්ද සූරියා වැනි එළඳගෙ වුවන
    ඉන්ද නීල දෙක වැනි ළමැද එන තන
    අන්දකාරයට ඇවුළු පහන මෙන
    කින්ද තනි යහන නිදියන්නේ නෝන


    ගජමන් නෝනා

    බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
    නින්ද මෙමට පුරුදුය තනියම යහන
    වින්ද රති සැපත මට මතක නැති වුණ
    කින්ද තමුසේට විමසන්න කාරණ


    මෙලෙස බොහෝ හැලහැප්පීම් මැද ජීවිතය ගෙන යද්දී ඇගේ සහ දරුවන්ගේ රැකවරණයට සිටි ගජමන් නෝනා ගේ පියා මරණයට පත්වීම තුළ ඇය තව තවත් අසරණ වූවාය. ක්‍රි(ව( 1801 දී පමණ ගජමන් ආරච්චි කසාගල ඇත් ගාලේ ඇතුන් බලන නිලයකට පත්කරන ලදුව එහි ගොස්‌ වල් අලියෙකු ගේ පහර කෑමකට ලක්‌ව මිය ගිය බව ජනප්‍රවාදගත තොරතුරුවල සඳහන් වේ. මේ නිසා ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයන්ට මැදිහත් වූ ඇය උසස්‌ පවුල්වල ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබාදීමෙන් ලද මුදල්වලින් සිය දරු පවුල රැක ගත්තාය.

    දරුවන් සිව්දෙනකු සමග කිසිදු හව් හරණක්‌ නොමැතිව ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරන ගජමන් නෝනා ගැන අනුකම්පා සිතුණු ඇගේ සීයා වූ කොල්ලුපිටිය මිලාගිරිය පාසලේ ප්‍රධානාචාර්ය ධූරය දැරූ ජසෙන්තු ග්‍රේරු මහතා මාතරට පැමිණ ඇගේ වැඩිමහලු දරුවන් දෙදෙනා ගෙන ගොස්‌ මිලාගිරිය පාසලට ඇතුළත් කොට අධ්‍යාපනය ලබා දුන්නේ ය.

    පසුව ඔවුන් දෙදෙනා එම පාසලේම ගුරුවරුන් ලෙස සේවය කොට හදිසියේ ඇති වූ උණ රෝගයක්‌ වැළඳී මිය ගියහ. ඉන් ටික කලකට පසු ඇගේ මව වූ බබා හාමිනේද මිය ගියා ය. මෙලෙස සිය ජීවිතය වටා සිටි පියා, මව, සැමියා, දරුවන් අකාලයේ මිය යද්දී ඇය මෙලොව තනි වූවා ය. නමුත් ඇය ධෛර්යවන්ත කාන්තාවක ලෙස ජීවිතයේ පැමිණෙන අභියෝගවලට නොසැලී මුහුණ දුන්නා ය.

    ගජමන් නෝනාගේ ජීවිතයේ අවසාන සමය

    ඉතාම සුන්දර ළමා කාලයක්‌ හා තරුණ අවධියක්‌ ගත කළ ගජමන් නෝනාගේ ජීවිතයේ අවසාන කාලය ඉතාම කටුක මෙන්ම නීරස එකක්‌ බවට පත් විය. ජීවිතයේ තමා වටා සිටි සියලු දෙනා අහිමි වූ ඇය ආර්ථික පරිහානියේ අගාධයට ම වැටී අන්ත අසරණ තත්වයකට පත්වූවාය.

    මෙම කාලයේ ක්‍රි.ව. (1803 - 1804) ජෝන් ඩොයිලි මාතර අධිකරණ භාර නිලධාරියා ලෙස පත්ව ආවේය. මොහු කරතොට ධම්මාරාම, මොරතොට ධම්මානන්ද වැනි පැවිදි ප`ඩිවරුන් වෙතින් සිංහල භාෂාව, බුදු දහම, සංස්‌කෘතිය හා සාහිත්‍ය පිළිබඳව මෙන්ම සිරිත් විරිත් ආදිය පිළිබඳව සැලකිය යුතු දැනුමක්‌ ලැබීය. මාතර යුගයේ කවීන් ඇසුරු කළ ජෝන් ඩොයිලි ගජමන් නෝනාගේ කවි ඉතා ඉහළින් අගය කළේය. ආර්ථිකමය වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට පත් වී සිටි ගජමන් නෝනා තමන්ගේ කවි හැකියාව කරණ කොට ගෙන තමා පත්ව ඇති තත්ත්වය පැහැදිලි කර පිහිටක්‌ වන ලෙස ජෝන් ඩොයිලි ගෙන් කවියෙන් ඉල්ලීමක්‌ කළාය.

    නොහිමි සිරි පිරි ඇංගලන්තය දේසයෙන් සැපසේ උදුල්
    දිලුම් තෙද කිත් ජෝන් ඩොයිල් නම් දිසා සමිඳුනි ගුණ නිමල්
    කුසුම් මිණි මුතු බෝග ගම් බිම් කිසිත් නැත මට මේ සියල්
    උතුම් දෙවියන් නමට පිහිටක්‌ වෙන්ඩ නමදිමි පා කමල්


    මෙම ඉල්ලීම අනුව ඇයගේ කවීත්වයට ගරු කිරීමක්‌ ලෙස මාතර දිසාපති ධුරය දැරූ ජෝන් ඩොයිලි අම්බලන්තොටින් ඇයට ගම්වරයක්‌ ලබා දුන්නේය. එම ගම "නෝනාගම" නමින් අද ද ප්‍රකටය. එය සිහිකිරීමක්‌ ලෙස අම්බලන්තොට නෝනාගම හන්දියේ ගජමන් නෝනාගේ පිළිරුවක්‌ ඉදිකර ඇත. මෙම පිළිරුව ගජමන් නෝනා පිළිබඳ මතකය සදානුස්‌මරණීය කරන සිහිවටනයක්‌ වැනිය.

    ජීවිතයේ බොහෝ දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දෙමින් ජීවිතයට ලැබෙන දුක සැප නින්දා ප්‍රශංසා එක සේ විඳ දරා ගනිමින් අවසන් මොහොත දක්‌වා ජීවත් වූ ගජමන් නෝනා නම් වූ මෙම දිරිය කාන්තාව ක්‍රි.ව. 1814 දෙසැම්බර් මස 15 වැනි දින මියගිය බව සඳහන් වේ. ගජමන් නෝනා මිය ගියේ ජීවිතයෙහි දුක්‌ වේදනා ඉවසිය නොහැකිව සිය ගෙල කපාගෙන යෑයි ජනප්‍රවාදගත අදහසක්‌ පවතී. මෙම අදහස මෙවැනි වූ එඩිතර කාන්තාවකට ගැළපෙන අදහසක්‌ නොවන බවත් මෙය ඇය කෙරෙහි වෛරයෙන් පසු වූවන් ගෙතූ ප්‍රබන්ධ කතාවක්‌ ලෙස තේරුම් ගැනීම යුක්‌ති සහගතය. කෙසේ වෙතත් අටලෝ දහමින් කම්පා නොවී ජීවත්ව බොහෝ මතකයන් පමණක්‌ ඉතිරි කර ජීවිතයෙන් සමුගත් ගජමන් නෝනා නැමැති රුහුණේ මහා කිවිඳියගේ ජීවිත ආදර්ශය මෙරට නූතන කාන්තා පරපුරට ආදර්ශයක්‌ ම වන්නේය.


    සැ.‍යු. - මෙය එච්.ජී. අනුර ගුණවර්ධන මහතා, (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නූපේ - මාතර ) දිවයින පුවත්පතකට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලදි
     
    • Like
    Reactions: DJAshik and Garrus

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රතදර මන නන්ද බඳු වද මකුළින් ද
    යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද
    මත වර වරනින් ද සසොබන මන නන්ද
    කත නුඹ ළඟ ඉන්ද නොලැබුනෙ පවකින් ද

    කුන්ඩ මහන පොබකල මැති සඳුනි යසා
    අන්දකාරයට ඇවුලූ පහන ලෙසා
    නන්ද ම ගත දි‍ලුනත් රූපෙන් සතොසා
    නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඇලපාත මුදලි

    චන්ද සූරියා වැනි එළඳගෙ වුවන
    ඉන්ද නීල දෙක වැනි ළමැද එන තන
    අන්දකාරයට ඇවුළු පහන මෙන
    කින්ද තනි යහන නිදියන්නේ නෝන

    ඇලපාතය හෙන වලා නේ :D:D

    You must spread some Reputation around before giving it to කිරි පුතා again.
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]පිණවන සිත් සුරතල් බස් දෙ‍න ලීලේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පණ ගිය මුත් නොහරිමි ‍නුඹ වෙත ආලේ[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ද‍[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සාගරේ බැරිද පීනා ගොඩ යන්ද‍[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ සැරේ දීපු දුක ඇත දැනගන්ද‍[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ආදරේ මොකද ඔය හැටි ගැහැණුන්ද‍[/FONT]
    [FONT=&quot]

    [/FONT]