<------අංගම් හටන------>

[D]ark Hacker

Member
Jan 5, 2011
158
37
0
අංගම් හටන


PA140022.JPG

සිංහලේට ආවේණික අභිමානවත් සටන් කලාව ගැන කතා කරන්නයි මේ සූදානම. මෑතක සිට නැවතත් කරළියට පැමිණ, වත්මන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අංගම් සටන් කලාවෙ ආරම්භයට සිව්හෙළේ ආරම්භය තරමටම ඈත අතීතයක්, ඉතිහාසයක් ඇත. එහි එකම උරුම කරුවන් ලක්වාසී සිංහලයන් වුවත්, අපේ අභිමානවත් සටන් කලාව පිළිබඳ මනා තතු දත් ප්‍රවීණයන් හිඟ වකවානුවක් දැන් එළැඹ ඇත.

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අපේ සටන් කලාව ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.

සිංහලයේ එදා මෙදා තුර බිහිවූ දක්ෂතම අංගම් සටන් ශිල්පියා අපට හමුවන්නේ මීට වසර 12 000කට පමණ පෙර කෝනාගම බුදුන් වහන්සේගේ යුගයෙනි. ඔහු නමින් මහසෙන්ය (මහාසේන). කතරගම වෙසෙමින් රාජ්‍ය පාලනය කල කතරගම මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රජු තරම් අංගම් සටනේ ශූරයෙක් අද වනතුරු පහල වී නැති බවක් හැඟේ. පසුකලෙක දේවත්වයට පත් මෙම රණ ශූරයා සටනට දැක්වූ අසහාය දස්කම හා ඔහුගේ වේගවත් බව නිරූපණය කිරීමට කතරගම දෙවි රුව මුහුණු සයක් සහ අත් දොළහක් සහිතව නිර්මාණය කරයි. මහසෙන් රජුට සමකාලීනව කළුතර පාලනය කල තාරක පද්ම (තරු) රජුද සටන් ශිල්පයේ බලවතෙක් බව සඳහන්ය.


Angam-Pora-1.jpg

සක්විති රාවන හෙවත් දසිස් රාවනද අංගම් සටන් පරතෙරට උගත් නරනායකයෙකි. රාවන රජුට නිල ශාස්ත්‍රය මෙන්ම නාඩි ශාස්ත්‍රය ගැනද මනා දැනුමක් වූ අතර ඒ පිළිබඳ පොත් පවා ලීවේය (නාඩි ශාස්ත්‍රය). රාවන රජු මෙන්ම ඔහු පුත් මේඝනාදත් (උපේන්ද්‍රමිණික) විවිධ සටන් කලාවන් පරතෙරට උගත්තෙක් බව පැවසේ. රාමායනය රචනා කල වාල්මිකී කීවේද රාමට රාවනයන් පරදන්නට අසීරු වුණු බවයි. වනගතව හුන් දුනුවායා සහ ජවසම්පන්න අංගම් සටන් ශිල්පියා අතර මුහුණට මුහුණ ලා සටනක් ඇති වී නම් රාවනයන් ලබන්නේ ඉතාම පහසු ජයකි. රාම රාවන සටන වසර 12ක් පුරාවට පැතිරෙන්නට ප්‍රධාන හේතුවත් ප්‍රබල සටන් කලාවකින් පෝෂණය වූ සිහළ සෙබළ බලකායයි. රාවන රජු අංගම් ශාස්ත්‍රය ප්‍රගුණ කල ස්ථානයක් ලෙස ජනවහරේ සඳහන් වන තැනකි කොරතොට විහාරස්ථානය. කෙළිතොට (හරඹ කරන ස්ථානය) යන පදයෙන් බිඳී කොරතොට යන නම හැදී ඇත. මෙම විහාරස්ථානය හා බැඳුනු සටන් ශිල්පීන්ගෙන් පැවතෙන්නන් අදටත් හමුවිය හැක.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ විසූ දුටුගැමුණු රජුගේ දසමහ යෝධයන්ද අංගම්පොර ශූරයන් ලෙස හැඳින්විය හැක. ගෝඨයිම්බර, ථෙරපුත්ථාභය, නන්දිමිත්‍ර ආදී යෝධයින්ගේ දස්කම් අදටත් ජනතාව අතර ඉතා ජනප්‍රියය. මේ අතරින් ගෝඨයිම්බර යෝධයා සහ රිටිගල වනයේ ජයසේන කුමරු අතර ඇතිවුණ සටන බෙහෙවින් ප්‍රචලිතය. මේ අතුරින් රිටිගල ජයසේන යනු මරුවල්ලිය සටන් පරම්පරාවේ එවකට සිටි දක්ෂතමයා බව සඳහන් වන අතර ඔහු කුණ්ඩලීනී ශක්තිය දක්වා ධ්‍යාන වඩා තිබුණු බව තවදුරටත් සඳහන් වෙයි. රිටිගල වනයද අංගම් සටන් කලාව හා සබැඳි වැදගත්ම ස්ථානයක් වන්නේ, පණ්ඩුකාභය, දුටුගැමුණු හා වළගම්බා වැනි රජවරුන් පවා රිටිගල සිට සතුරන්ට එරෙහිව සේනා සංවිධානය කල බව ඉතිහාසයේ සඳහන් වන බැවිණි. මේ අතුරින් දුටුගැමුණු රජ සමයේ රිටිගල ජයසේන නම් යක්ෂ ගෝත්‍රික ප්‍රධානියාගේ සටන් පරපුර රිටිගල විසූ බව සඳහන් අතර දුටුගැමුණු රජුගේ සේනා සංවිධාන කටයුතු වලදී රිටිගලටද මුල් තැනක් ලැබිණි. ස්වභාවික පිහිටීම අනුව සතුරු උවදුරු වලින් බෙහෙවින් ආරක්ෂිත රිටිගල කන්ද ඇතුළු රිටිගල වනය තුල අංගම් සටන් පුහුණු පාසලක් පැවතියේය. මෙම පාසල තවමත් පවත්වාගෙන යන බවට තොරතුරු අදටත් ලැබේ.

මහනුවර යුගය වන විට සුදලිය සහ මරුවල්ලිය යන අංගම් සටන් පරම්පරා දෙක මුල්තැන ගනී. මේ අතුරින් සටනකදී සුදලියේ පණික්කිරාල පැරදවූ මරුවල්ලිය පරපුරේ ගලගොඩ කුමාරිහාමි ගැන තොරතුරු රැසක් ඉතිහාසයේ එයි. ඇගෙන් පසු ගලගොඩ මුහන්දිරම් නමින් පරම්පරා හතක සටන් ශිල්පීන් අංගම් සටනේ දස්කම් පාමින් රාජ්‍ය සේවයේ යෙදුණහ. මෙම සටන් කරුවන් බෙහෙවින් රජුට පක්ෂපාතී වූහ. ඉහතදී සඳහන් කල කොරතොට විහාරය හා සම්බන්ධ අංගම් සටන් ශිල්පීන් සිය දස්කම් පෑ අවස්ථාවක් ලෙස සීතාවක රාජසිංහ රජු (එවකට ටිකිරි කුමරු) සමඟ එක්ව පරංගින්ට විරුද්ධව කල සටන හැඳින්විය හැක. මෙහිදී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් අවට වලව් 18ක සටන් ශිල්පීන් විහාරයට කැඳවා සටන් කලාව පුහුණු කිරීම හා සේනා සංවිධානය අරඹන ලද බව කියවේ. මෙසේ සංවිධානය වුණු බලසේනාව සමඟ පළමුවැනි රාජසිංහ රජු පරංගින් කොළඹ කොටුවට සීමා කරන ලදී.

මේ අයුරින් වසර තිස් දහසකට අධික ඉතිහාසයකට උරුමකම් කියූ අංගම් සටන් කලාවේ අභාවය ඇරඹෙන්නේ ඉංග්‍රීසින් විසින් ගැසට් නිවේදනයකින් අංගම් සටන් තහනම් කිරීමෙනි. සටන් කරුවන් හොය හොයා මරන්නට තරම් ඉංග්‍රීසින් මිලේච්ඡ විය. සටන් උගන්වන්නන් මරා දමන ලද අතර උඩුකය ආවරණය වන ඇඳුම් තහනම් කරන ලද්දේ සටන් ශිල්පීන් හඳුනාගැනීමටය. මොවුන් අප අංගම් සටන් විරුවන් සතු ප්‍රභල සටන් කලාවට මෙන්ම කාය ශක්තියට බියවී සිටි තරම ඉන් අපට පැහැදිලිය. එකළ ඕනෑම හෙළයෙකුට පුහුණු වීමට අවසර තිබුණු මෙම සටන් කලාව මින් පසු වෙනස් විය. සටන් කරුවන් රහසිගතව සිය පරම්පරාවෙන් පරම්පරාවට ශාස්ත්‍රය ඉදිරියට ගෙන ආහ. අද වන විට පරපුරෙන් හෝ කුලයෙන් පිටතට ශිල්පය ලබාදෙන්නේ ගුරුකුල කිහිපයක් පමණි. එයද හදාරන්නට හැක්කේ ශිල්පයට උරුමකම් කියන්නන්ට පමණක් බවද ඇතැමුන්ගේ අදහසයි. අවසානයේ, අභාවයට යන අපේ තවත් සාඩම්බර උරුමයක් යන කුලකයට අංගම් සටනද එක්වේවිද? අපට එම තත්වය වෙනස් කල නොහැකිද? නැවත වරක් සිතා බලමු.
 

[D]ark Hacker

Member
Jan 5, 2011
158
37
0
අංගම් සටන සහ හැදෑරිය යුතු අනෙකුත් ශිල්ප​


අංගම් සටන් ඉගෙන ගන්නා සිසුවෙකු විසින් සපුරන පිළිවෙත් රැසකි. ප්‍රථමයෙන් පන්සිල් සමාදන්ව සියළු බුදුවරුන්, පුලස්ථි ඍෂි, රාවනයන් සහ දෙගුරුන් වෙනුවෙන් පහන් දල්වා ශාස්ත්‍රය හා සබැඳි පොරොන්දු දීම අරඹයි. ඉන් අනතුරුව ශිල්ප හැදෑරීම ඇරඹේ.

අංගම් ශාස්ත්‍රය ප්‍රධාන කොටස් තුනකි

1. අංගම්
2. ඉලංගම්
3. මායා


අංගම් - නිරායුධ සටන් ක්‍රමයක් වන මෙය ගුස්ති, පොර ලෙස කොටස් දෙකකට බෙදේ.

ඉලංගම් - ආයුධ අත දරා කරන සටන් ඉලංගම් හරඹ නම් වේ. මේ සඳහා අපටම ආවේණික ආයුධ තනනු ලැබේ. කඩු, පලිහ, දුනු, හී, හෙල්ල සහ වේලායුධ එම ආයුධ වලින් කිහිපයකි. මෙම ආයුධ නිර්මාණය සඳහා ඉලංගම් මඩු තනනු ලැබේ. අතීතයේ පෘතුග්‍රීසින් හා කල සටන් සඳහා ආයුධ නිපදවීමට හෝකන්දර ප්‍රදේශයෙන් යපස් ගෙන්වූ බව සඳහන් වේ. සිංහලයේ යපස් හඳුන්වා ඇත්තේ හේකස් නමින් වන අතර හේකස් ගෙන්වූ ප්‍රදේශය හෝකන්දර වුණු බව බොහෝදෙනාගේ පිළිගැනීමයි.

මායා - යන්ත්‍ර, මන්ත්‍ර ආදිය ප්‍රගුණ කිරීම අංගම් සටන් කලාවේ මායා කොටසට ඇතුලත් වේ. යුද්ධයේදී මෙම කොටස් තුනම සටන් ශිල්පීන් විසින් භාවිතා කරනු ඇත.

ඌරා වල - අංගම් සටනක් පැවැත්වෙන තැන ඌරා වල ලෙස හැඳින්වේ. සටන් කරුවන් දෙදෙනෙක් අතර පැවතෙන සටනක් නිම වන්නේ එකෙකුගේ පරාජයෙනි. එතෙක් ඌරා වලෙන් ගොඩ ඒමට සටන් කරුවන්ට හැකියාවක් නොමැත.

අංගම් සටන් ප්‍රගුණ කරන ශිල්පීන් විසින් සිංහල වෙදකම, ජ්‍යොතිශ්‍ය හා නිල ශාස්ත්‍රය අනිවාර්‍යයෙන් හදාරති. නිල වලට පහරදී ප්‍රතිමල්ලවයා අඩපණ කිරීම හෝ මරණයට පත් කිරීමට පවා හැකියාවක් නිල ශාස්ත්‍රය උගත් සටන් කරුවන්ට ඇත. එමෙන්ම ශරීරයේ රෝගාබාධ 360 කට ප්‍රතිකාර කරන අයුරුද නිල ශාස්ත්‍රයේ එයි. සටනේදී ප්‍රතිමල්ලවයා මරණයට පත්වන අයුරින් පහර දිය හැකි නිල 108ක් වෙයි.

මේ අතුරින් රිටිගල අංගම් හරඹයේ සම්පූර්ණ විෂය කොටස් 6කට බෙදා වෙන් කර ඇත. ඒ: ජ්‍යොතිශ්‍ය, ගැට, පොර නිල, නක්ශත්‍ර, වෙදකම හා මන්ත්‍ර යනුවෙනි. අංගම් සටන් ශිල්පය හදාරා අවසාන යැයි සැලකෙන්නේ මෙම කොටස් හයම හැදෑරීමෙන් අනතුරුවය.
 

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    නියම පොස්ට් එක යාලුවා..තව දාන්න..බෙදාගත්තාට ස්තුතියි..