Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංශභාගයට දේශීය වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංශභාගයට දේශීය වෙදකම

සුරතල්හාමි ගිනි මද්දහනේ කුඹුර කොටා මහන්සි වී නළල වටා දහඩිය ගලමින් තිබූ ගිනියම් වූ තම තට්ට හිස අතගෑවේය. ඉන්පසු ඒ අසලින් ගලා යන සීතල දොළ පාරට පැන සිතූ සේ නා ගත්තේය. හොඳ හැටි නා ගත් පසු දිවා ආහාරය ගන්නට සැරසුන ද තද හිසේ ඇම්ම එයට ඉඩ දුන්නේ නැත. උදැල්ලේ මඩ තල ගලවා සෝදා දැමු සුරතල්හාමි ඉක්මන් ගමනින් ගෙදර ගියේය.

ගෙට ගොඩවුනු ගමන් ඇඳේ හාන්සිවුනු සුරතල් හාමි දුටු ඔහුගේ ඇඹේනිය කථා නොකරම දුම් දමන තේ කහට එකක් සාදා ඔහු වෙත ගෙනාවාය.

ආ…. මේ තේ එක බිව්වාම ඔය මහන්සිය ඇරිලා යාවි. ඒත් සද්දයක්වත් නැත. ඔය ඩිංගට ඔහේට නින්දත් ගියා ද? බිත්තිය පැත්තට හැරී සිටි සුරතල් හාමිව උරහිසට අත තියලා අනික් පැත්ත හැර වූ විට දුටු දෙයින් ඇයට කෑ ගැසිනි.

කට පැත්තකට ඇදවෙලා…

ඇස්දෙක උඩ ට ගිහින් …

උගුරෙන් ගොර ගොර සද්දයකුත් එනවා. ඔහු දොඩවපු කිසිම දෙයක් ඇයට පැහැදිලිව තේරුනේ නැහැ. වාඩි කරවන්න උත්සාහ කළත් කපාපු කෙසෙල් කඳක් වගේ ඇඳටම වැටුනා.

කෑ ගැසිල්ලට එකතුවුනු වට පිටේ අයගේ උදව්වෙන් අන්තිමට ඔහුව රෝහල වෙත ගෙනාවා. මේ වගේ රෝගීන් එක්කෙනෙකු දෙන්නෙකුට නො ව දවසකට සියයකට අධික පිරිසක් මෙවන් රෝග ලක්ෂණ ඇතිව රෝහල් ගත වනවා සුලභයි.

කුමක් ද මේ රෝගය ?

අප මෙය අංශභාගය අංගඝාත ,පක්ෂාකගාතය ,පක්ෂ වදය යන නමින් හඳුන්වමු.

මෙම රෝගය ආයුර්වේද වෛද්යය ක්රමයට අනුව වාත රෝග ගණයෙහිලා සලකනු ලැබේ. අසුවක් වාත රෝග අතුරින් අංශභාග රෝගයට අයිතිවන්නේ සුවිශේෂී තැනකි. වාතයේ ඇති පර අනධාන ගුණය හෙවත් ගති කරිීයාව අඩපනවීමෙන් මෙම අත පය ආදී ඉන්ද්රියන්ගේ ක්රියාකාරිත්වය අපහසු වේ.

මෙහි මූලාරම්භය ඇතිවන්නේ මොළයේ සිදුවෙන අබාධයක් හේතුවෙනි. වම් හා දකුණු ලෙස අප සිරුර දෙපැත්තට බෙදුවහොත් මොළයේ මේ මස්තිෂ්ක අර්ධ ගෝලයෙන් සිරුරේ දකුණු පසත් දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයෙත් සිරුරේ දකුණු පසත් දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයෙත් සිරුරේ වම් පසත් පාලනය කරනු ලබයි.

මේ අනුව මොළයේ වම් පසට හානි සිදුවුවහොත් සිරුරේ දකුණු පසත් මොළයේ දකුණු පසට හානි සිදුවුවහොත් සිරුරේ වම් පසත් අප්රාණික වේ.

අංශභාගයේ දී සිරුරේ පැත්තක් පණ නැතිවීම හෝ අඩපණ වීම සිදුවේ. සම්පූර්ණයෙන් පණ නැති වූ විට සිතා මතා කරන කිසිම චලනයක් එනම් ඇ`ගිල්ලක්වත් සෙලවිය නොහැක. අඩපණ වු විට අතේ හෝ කකුලේ ඇතැම් චලන යම් පමණකට කිරිමේ හැකියාව ඉතිරි වේ. එය එසේ වන්නේ සිදුවන ආඝාතයේ තත්ත්වය අනුවයි.

කට ඇදවීම, සංඥා නොදැනීම කථාව අපහසුවීම කල්පනා ශක්තිය අඩුවීම, ස්මරණ ශක්තිය නැතිවීම එම අංශයේ වේදනාව නොමැති බව අතපය බර බව සිනාසීමට නොහැකි බව ආදී මේ ලක්ෂණ සම්පූර්ණයෙන් හෝ සු`ඵ වශයෙන් හෝ එකක් දෙකක් වශයෙන් හෝ එම ආඝාතයේ තත්ත්වය අනුව රෝගියාගේ රෝග තත්ත්වය අනුව වයස අනුව ඇතිවේ.

ලොකු කුඩා තරුණ මහළු භේදයකින් තොරව හට ගන්නා මෙම රෝගය වැළඳුනු විට රෝගියා ගතින් මෙන් ම සිතින් ද අසරණ තත්ත්වයට පත් වේ.

නමුත් නිසියාකාරව යොදනු ලබන දේශීය ඖෂධවලට මෙම රෝගය සුව කිරීම අපහසු කටයුත්තක් නොවේ. බොහෝ දෙනෙකුගේ නොදන්නාකම මෙන්ම ලෙහෙසි පහසුව බැලීම නිසා විශේෂයෙන් කෂාය තැම්බීම ,බෙහෙත් පිළියෙල කිරීම ,තෙල් ගෑමට ඇති අකමැත්ත නිසා ඉතා ඉක්මනින් සුව කර ගත හැකි අංශභාග රෝගය එය වැළඳුනු රෝගීන් සදාකාලික දුක්ඛිත තත්ත්වයට පත්කරයි.

අංශභාග රෝගය වැළඳුනු රෝගියෙකුගේ පවුලේ සාමාජිකයන්ට මේ රෝගය ගැන මූලික අවබෝධයක් හෝ අත්දැකීමක් නොමැති නිසා ම බොහෝ රෝගීන්ගේ සුවවීමේ කාලය දික්වීම මෙන්ම සමහර අවස්ථාවල සුවකල නොහැකි අවස්ථාවට පත්වීම සිදුවේ.

අංශභාග රෝගියෙකු මූලිකවම කරනු ලබන්නේ රෝහලක් කරා රැුුගෙන යාමයි. එහිදී ස්වසන මාර්ගය අවහිර නොවන සේ තැබීම ඇතැම් විට රෝහලේ දී උගුරට බටයක් දැමීම උගුරෙහි එකතු වන සෙම යන්ත්ර සුත්ර ආධාරයෙන් ඉවතට ගැනීම, ගිලීමේ අපහසුතා ඇති රෝගීන්ට ආහාර දීමට නාසයේ සිට ආමාශය දක්වා බටයක් යෙදීම, මුත්රාස්රය පාලනය නොමැති අයට බට සවි කිරීම ආදී මුලික කටයුතු සිදුවේ.

හේතුව අනුව ශල්ය කර්මත් දියවැඩියාව කොලෙස්ටරෝල් තත්ත්ව පාලනය අධි රුධිර පීඩනය පාලනයට ඖෂධ යෙදීම ද කරනු ඇත. නමුත් දේශීය ඖෂධවල ද එම රෝග පාලනයට මෙන්ම මොළයේ ලේ කැටි ගැසීම් දියකිරීම සඳහා විශේෂ ඖෂධ වර්ග ඇත.

ඒ සඳහා විශේෂ ශාක සාරයන්ගෙන් ලබාගන්නා ඖෂධ මෙන්ම පොළවෙන් ලබා ගන්නා ඛනිජ ද්රව්යවලින් නිෂ්පාදිත රස ඖෂධ යෙදීම ද සිදු කරනු ලැබේ. මෙම`ගින් රෝගියාගේ මොළයේ ඇති ලේ කැටි දියවීම මොළයේ ෙසෙලවල ක්රියාකාරීත්වය වර්ධනයට අත් පාවලට මොළයේ සිට ගමන් කරන රුධිර නාලවල ලේ සම්පාදනය කිරිම ආදී උසස් කාර්යයන් සිදුකරනු ලැබේ.

මේ හේතුව නිසා අපේ හෙළ වෙදකමින් අංශභාග රෝගය සුවවීමේ සාර්ථකත්වය ඉතා උසස් ය. දේශීය වෙදකමේ තැවීම තෙල් ගෑම ප්රධාන චිකිත්සාවකි. නමුත් එපමණකින් පමණක් මෙම රෝගය සුවකල නොහැක. මක් නිසාද කියතොත් රුධිර නාලවල රුධිර ගමනාගමනය අඩපනව තිබිය දී අත් කකුල්වලට තෙල් ගෑමෙන් වැඩක් සිදුවේ ද?

එබැවින් පිටතින් ආලේපන තෙල් ගෑම පත්තු බැඳීම කළ යුත්තේ අභ්යන්තරයට ඖෂධ යෙදීමත් සම`ගයි.

රුධිර වාහිනී පුපුරායාමෙන් වන ලේ ගැල්මක් රුධිර නාල අවහිරවීමෙන් ආදී හේතු නිසා මොළයේ රුධිර සැපයුමෙහි වන වෙනස්කම් අංශභාගයට හේතුවක් වේ. සිරුරේ අන්ජිවී ෙසෙල මෙන් ම මොළයේ ෙසෙලවලට ද ඔක්සිජන් වායුව හා පෝෂ්යපදාර්ථ අවශ්ය ය. මේවා මොළයට ලැබෙන්නේ රුධිරය මගිනි. හොඳ රුධිර නාල පද්ධතියක් මගින් මොළයට හොඳ රුධිර සැපයුමක් ලැබුන ද කුමක් හෝ අඩල වීමක් සිදුවුවහොත් ඒ නිසා රුධිරය නොලැබෙන අදාළ පටකය මිය යයි. එවිට එම පටකවලින් පාලනය වුනු කාර්යය ද ඇණ හිටී.

රුධිර වාහිනී පුපුරායාමට බොහෝ විට අධි රුධිර පීඩනය හේතුවේ. සමහර අයගේ උපතින් ඇතිවන රුධිර නාලවල දුර්වලතා හේතු වේ.

රුධිර නාලවලින් රුධිරය කලා යන්නේ පයිප්ප දිගේ වතුර ගලනවා මෙනි. එවැනි රුධිර නාල බිත්තිවල කොලෙස්ටරෝල් හා ලිපිඩ සංයෝග තැන්පත් වුවහොත් රුධිර වාහිනී බිත්ති ඝන වේ. එවිට ඇදෙන සු`ඵ බව හා රුධිර වාහිනී කුහරයේ විෂ්කම්භය අඩුවේ. රුධිර වාහිනී පටු වේ. මෙවැනි තැනක කුඩා ලේ කැටියක් වැනි දෙයක් සිරවීමේ ඉඩකඩ වැඩිය. මෙහි අවසන් ප්රතිඵලය වන්නේ තවදුරටත් එම රුධිර වාහිනිය ඔස්සේ රුධිරය ගමන් නොකිරීමයි. එසේ රුධිරය නොලැබීම නිසා එම රුධිර නාලයෙන් පෝෂණය වන මොළයේ පටක මිය යයි.

රුධිර කොලොස්ටරෝල් මට්ටම ඉහළ යාම හා දියවැඩියා රෝගයෙන් පෙළීම මෙසේ රුධිර වාහිනී කුහරය පටුවීමට ප්රධාන හේතුය. මේ සඳහා ද කොලොස්ටරෝල් පාලනයට හා දියවැඩියා පාලනයට දේශීය වෙදකමේ ඉතා සාර්ථක ඖෂධ ඇත.

රූමටික් හදවත් රෝග උපදංශ වැනි ලිංගික රෝග ආදිය රුධිර නාලයන්ගේ ලේ කැටි සිරවීමට ඉඩ ඇති රෝගය එන්තෙපලයිටින්, මෙතින්ජයිටින්, හිස් කබල බිඳීම නිසා ඇට කැබලි මොළයේ තෙරපීමෙන් හෝ සුෂුම්නා ශීර්ෂකයේ ගෙඩි පිළිකා නිසා හා හෘදයේ රෝග නිසාත් අංශභාග රෝග තත්ත්වය හට ගනී. කුමන හේතුවකින් ඇති වුව ද සිදුවන්නේ මොළයෙන් පාලනය වන අවයවයන්ට ලේ සැපයීමේ බාධාවයි.

මොළයට සිදුවන හදිසි අනතුරු නිසා මොට්ට හෝ තියුණු ආයුධයකින් වෙඩි උණ්ඩයකින් සිදුවන අනතුරු නිසා උසක සිට වැටීම හිසට තද පහරක් වැදීම හිස යමක වැදීම ආදිය නිසා ඇතිවන තැලීම් සමහර උපත් පාලන පෙති දුම්බිම ආදී හේතු නිසා බොහෝ තරුණ පිරිස් අංශභාගයට ගොදුරු වේ. මොළයේ ඇතිවන ගෙඩි නිසාත් ක්ෂය රෝගය වැනි බෝවන රෝග නිසාත් මොළය ආසාදනය වීමෙන් පටක හානිවිම නිසා ද අංශභාගය වැළදේ.

ඉහත දැක්වු ශාරිරික හා බාහිර හේතු මෙන්ම මානසික හේතු ද අංශභාගයට බලපායි. මානසික පසුතැවීම්, බලාපොරොත්තු කඩවීම්, නිතර ශෝක සිතුවිලි, මනස දුර්වල අය, භය කෝපය ආදී මානසික උද්වේගය නිසා මොළයේ ස්නායුන්ගේ බලපෑමක් හදිසියේ හටගත හැක.

අංශභාගය එකම රෝගියාට දෙවරක් වුව ද සෑදීමට ඉඩ ඇත. දෙවන අවස්ථාවේ දී අංශභාගය එය සෑදුනු පැත්තේම හෝ ඊට විරුද්ධ පැත්තේ හෝ කලින්ට වඩා දරුණුව හෝ සෑදීමට ඉඩ ඇත.

එයට හේතුව නියමිතව ප්රතිකාර නොගැනීමයි. දේශීය වෙදකමට යොමු වී නියමිතව ප්රතිකාර කරගෙන යාමෙන් දෙවන තුන්වන වර අංශභාග තත්ත්ව ඇතිවීම වැළැක්විය හැක.

ඉතා කල්පනාකාරීව සිතා බැලූවහොත් අංශභාගය සෑදීමට මාස කිහිපයකට පෙර සිට හෝ දින කිහිපයකට පෙර සිට අනතුරු අ`ගවන ලක්ෂණ රෝගියාට පෙන්නුම් කරයි. නමුත් ඒ ගැන අවබෝධය අංශභාග රෝගයට දරුණු ලෙස ගොදුරු වීමට හේතුවක් වේ.

අත් පා හිරිය, අත් පා බර බව අඩු වැඩිවෙමින් පවතින අධික හිසරදය ශබ්ද ඇසීමට ඇති අකමැත්ත, ඉක්මනින් ගමන් කිරීමට නොහැකි බව, දුබල බව, මතක ශක්තිය හීනවීම, ඉක්මනින් කෝපවීම, දුකක් හෝ සතුටක් දරාගත නොහැකි බව, කටට ලූණු ඇඹුල් රස නොදැනීම, මේ ආදී සු`ඵ සු`ඵ ලක්ෂණ පහළ විය හැක.

මධුමේහය හෙවත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, වාතරක්ත රෝගයේ උපද්රවකර රෝග ඇති අයෙකුට පහළවන්නේ නම් ඒ පිළබඳව වෛiවරයෙක් වෙත ගොස් සැලකිලිමත් වීම වටී.

තැවීම, තෙල් ගෑම, අභ්යන්තරයට ඖෂධ යෙදීම ආදි ප්රතිකාර පන්තියක් තුළින් අප බලාපොරොත්තුවන්නේ ශරීරයේ අත් පා ආදියේ බර සැහැල්ලූ කිරිමයි. සාමාන්යයෙන් මෙම රෝගයේ දී වාතයේ කි්රයාකාරීත්වය අඩපණ වීම නිසා එම අප්රාණික වූ අත්පාවල බර අධික වේ.

මෙහිදී ඇති වන තත්ත්වයන්හිදී රෝගියාට හිතූමනාපේ පෙර වැරදි ඉරියව්වලට සිටීමට ඉඩ නොදී මාංශපේෂීවල ලිහිල්භාවය ඇතිවන විධියේ දේශීය ඖෂධ, ආහාර ආදියෙන් චිකිත්සාව ආරම්භ කරන අංශභාග රෝගියා දුර්වල තත්ත්වයක සිටීනම් සුප් වර්ග ආදිය දීමෙන් ශක්තිමත් කළ යුතුය. බොහෝ තරබාරු නම් ආහාර පාලනය මගින් බර අඩු කළ යුතුය.

එමෙන්ම වාත ශමන තෙල් ගැල්වීම, නාඩි උත්තේජක, මාංසවර්ධක තෙල් ගැල්වීම්, පංචකර්ම චිකිත්සා ආදිය කළ යුතුය. දියවැඩියා වැනි රෝග කලක් පැවති රෝගීන්ගේ මාංශ පේෂී ලිහිල්තාවයක් දක්නට ලැබේ. එවැනි රෝගීන්ට මාංශපේෂීවල ලිහිල්තාව නැතිවන විදියේ දේශීය ඖෂධ වර්ග යෙදීම තෙල් ගෑම කළ යුතුය.

නිවැරදි ආකාරයට තැවීම තෙල් ගෑම මෙන්ම තෙල් ගැල්වීමේ දී රෝගියා තබන ඉරියව් ද වැදගත්ය. අත්වල තෙල් ගැල්වීමේ දී පුටුවක හිඳුවීමත්, පා වල තෙල් ගැල්වීමේ දී ඇඳක දිගාකර ගෑමත් නිසිලෙස මස් පි`ඩු සකසමින් තෙල් ගැල්වීමත් කළ යුතුයි. පළමුව තැවීමෙන් හොඳින් රෝම කූප විස්තාරණය සිදුවේ. ඉන්පසු තෙල් ගෑමෙන් වටිනා ඖෂධීය තෙල් හොඳින් සමට උරා ගනී.

තවා තෙල් ගෑමෙන් පසු කළ යුතු කාර්යය වන්නේ ව්යායාමය යි. අංශභාගය සෑදී මාස ගණනක් ගතවීත්, අඩු තරමින් අත්දෙක පටලවාවත් එසවීමට නොහැකි රෝගීන් අපට හමුවේ. එයට හේතුව උරහිස සන්ධියේ මාංශ පේෂි හිරතාවය හෙවත් තදබවකි. මෙහිදී අත් සහ ගෙල විශේෂ ඖෂධීය පොට්ටනිවලින් තවා විශේෂ ව්යායාම ක්රම මගින් රෝගියාට ව්යායාම් කිරිමට සැලැස්විය යුතුය.

සැලකිය යුතු කරුණ නම් වෙනකෙක් විසින් රෝගියාගේ අත් පා ක්රියාකරවීමෙන් කිසිදු ප්රයෝජනයක් අත් නොවේ. කළ යුතු වන්නේ රෝගියා විසින්ම ආයාසයෙන් ව්යායාම කරවීමය. එවිට හොඳින් මංශපේෂී ඇදීම සිදුවේ. මොළයට පණිවුඩ හුවමාරුව සිදුවේ. මේ අනුව ක්රමයෙන් පණ නැති ස්වභාවය නැති වී අත් පා එසවීමට හැකිවේ.

එසේම රෝගියාගේ මානසික තත්ත්වය මේ රෝගයේදී ප්රධාන තැනක් ගනී. මේ රෝගය සෑදුනු කෙනෙකු මනසින් දුර්වල වුව ද කිසිදිනක මෙම රෝගය සුව නොවේ යැයි කල්පනා නොකළ යුතුය. මනසේ දුර්වල බව නිසාම රෝගියා තම රෝගය සුව කර ගැනීමට උනන්දු නොවේ. වැදගත් කරුණ වන්නේ රෝගියා දිරිමත් කිරීමයි. රෝගය සුවවන බව රෝගියාගේ මනසට ඇතුල් කිරීමෙන් රෝගියාගේ උනන්දුව ඇති වී ධෛර්ය සම්පන්න වේ.

රෝගය පිළිබඳ දැනුවත් බව, නියමිත වටිනා දේශීය ඖෂධ භාවිතය, නියමිත පරිදි තෙල් ගැල්වීම, ව්යායාම් කිරීම සුවය පිළිබඳ සුභවාදී ආකල්පය, කැපවීම හා ධෛර්යයෙන් යුතුව ප්රතිකාර ලබාගන්නේ නම් ස්ථිර වශයෙන් ම මේ රෝගය සුව කිරීමට හැකි වන්නේ ය.

ස්තුතිය-නයනතරු ආයුර්වේද මධ්යස්ථානයේ ආයුර්වෙදී ශාස්ත්ර ,පාරම්පරික සර්වාංග,වෛද්ය භූෂණ වෛද්ය ශාමලී වෛද්යකුමාරි

විමසීම් – 0717738505 (උපුටා ගැනීම- Srilankamirror)

[QUOTE="jaya91, post: 16388920, member: 500565"] [b]අංශභාගයට දේශීය වෙදකම[/b] [SIZE="3"]සුරතල්හාමි ගිනි මද්දහනේ කුඹුර කොටා මහන්සි වී නළල වටා දහඩිය ගලමින් තිබූ ගිනියම් වූ තම තට්ට හිස අතගෑවේය. ඉන්පසු ඒ අසලින් ගලා යන සීතල දොළ පාරට පැන සිතූ සේ නා ගත්තේය. හොඳ හැටි නා ගත් පසු දිවා ආහාරය ගන්නට සැරසුන ද තද හිසේ ඇම්ම එයට ඉඩ දුන්නේ නැත. උදැල්ලේ මඩ තල ගලවා සෝදා දැමු සුරතල්හාමි ඉක්මන් ගමනින් ගෙදර ගියේය. ගෙට ගොඩවුනු ගමන් ඇඳේ හාන්සිවුනු සුරතල් හාමි දුටු ඔහුගේ ඇඹේනිය කථා නොකරම දුම් දමන තේ කහට එකක් සාදා ඔහු වෙත ගෙනාවාය. ආ…. මේ තේ එක බිව්වාම ඔය මහන්සිය ඇරිලා යාවි. ඒත් සද්දයක්වත් නැත. ඔය ඩිංගට ඔහේට නින්දත් ගියා ද? බිත්තිය පැත්තට හැරී සිටි සුරතල් හාමිව උරහිසට අත තියලා අනික් පැත්ත හැර වූ විට දුටු දෙයින් ඇයට කෑ ගැසිනි. කට පැත්තකට ඇදවෙලා… ඇස්දෙක උඩ ට ගිහින් … උගුරෙන් ගොර ගොර සද්දයකුත් එනවා. ඔහු දොඩවපු කිසිම දෙයක් ඇයට පැහැදිලිව තේරුනේ නැහැ. වාඩි කරවන්න උත්සාහ කළත් කපාපු කෙසෙල් කඳක් වගේ ඇඳටම වැටුනා. කෑ ගැසිල්ලට එකතුවුනු වට පිටේ අයගේ උදව්වෙන් අන්තිමට ඔහුව රෝහල වෙත ගෙනාවා. මේ වගේ රෝගීන් එක්කෙනෙකු දෙන්නෙකුට නො ව දවසකට සියයකට අධික පිරිසක් මෙවන් රෝග ලක්ෂණ ඇතිව රෝහල් ගත වනවා සුලභයි. කුමක් ද මේ රෝගය ? අප මෙය අංශභාගය අංගඝාත ,පක්ෂාකගාතය ,පක්ෂ වදය යන නමින් හඳුන්වමු. මෙම රෝගය ආයුර්වේද වෛද්යය ක්රමයට අනුව වාත රෝග ගණයෙහිලා සලකනු ලැබේ. අසුවක් වාත රෝග අතුරින් අංශභාග රෝගයට අයිතිවන්නේ සුවිශේෂී තැනකි. වාතයේ ඇති පර අනධාන ගුණය හෙවත් ගති කරිීයාව අඩපනවීමෙන් මෙම අත පය ආදී ඉන්ද්රියන්ගේ ක්රියාකාරිත්වය අපහසු වේ. මෙහි මූලාරම්භය ඇතිවන්නේ මොළයේ සිදුවෙන අබාධයක් හේතුවෙනි. වම් හා දකුණු ලෙස අප සිරුර දෙපැත්තට බෙදුවහොත් මොළයේ මේ මස්තිෂ්ක අර්ධ ගෝලයෙන් සිරුරේ දකුණු පසත් දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයෙත් සිරුරේ දකුණු පසත් දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයෙත් සිරුරේ වම් පසත් පාලනය කරනු ලබයි. මේ අනුව මොළයේ වම් පසට හානි සිදුවුවහොත් සිරුරේ දකුණු පසත් මොළයේ දකුණු පසට හානි සිදුවුවහොත් සිරුරේ වම් පසත් අප්රාණික වේ. අංශභාගයේ දී සිරුරේ පැත්තක් පණ නැතිවීම හෝ අඩපණ වීම සිදුවේ. සම්පූර්ණයෙන් පණ නැති වූ විට සිතා මතා කරන කිසිම චලනයක් එනම් ඇ`ගිල්ලක්වත් සෙලවිය නොහැක. අඩපණ වු විට අතේ හෝ කකුලේ ඇතැම් චලන යම් පමණකට කිරිමේ හැකියාව ඉතිරි වේ. එය එසේ වන්නේ සිදුවන ආඝාතයේ තත්ත්වය අනුවයි. කට ඇදවීම, සංඥා නොදැනීම කථාව අපහසුවීම කල්පනා ශක්තිය අඩුවීම, ස්මරණ ශක්තිය නැතිවීම එම අංශයේ වේදනාව නොමැති බව අතපය බර බව සිනාසීමට නොහැකි බව ආදී මේ ලක්ෂණ සම්පූර්ණයෙන් හෝ සු`ඵ වශයෙන් හෝ එකක් දෙකක් වශයෙන් හෝ එම ආඝාතයේ තත්ත්වය අනුව රෝගියාගේ රෝග තත්ත්වය අනුව වයස අනුව ඇතිවේ. ලොකු කුඩා තරුණ මහළු භේදයකින් තොරව හට ගන්නා මෙම රෝගය වැළඳුනු විට රෝගියා ගතින් මෙන් ම සිතින් ද අසරණ තත්ත්වයට පත් වේ. නමුත් නිසියාකාරව යොදනු ලබන දේශීය ඖෂධවලට මෙම රෝගය සුව කිරීම අපහසු කටයුත්තක් නොවේ. බොහෝ දෙනෙකුගේ නොදන්නාකම මෙන්ම ලෙහෙසි පහසුව බැලීම නිසා විශේෂයෙන් කෂාය තැම්බීම ,බෙහෙත් පිළියෙල කිරීම ,තෙල් ගෑමට ඇති අකමැත්ත නිසා ඉතා ඉක්මනින් සුව කර ගත හැකි අංශභාග රෝගය එය වැළඳුනු රෝගීන් සදාකාලික දුක්ඛිත තත්ත්වයට පත්කරයි. අංශභාග රෝගය වැළඳුනු රෝගියෙකුගේ පවුලේ සාමාජිකයන්ට මේ රෝගය ගැන මූලික අවබෝධයක් හෝ අත්දැකීමක් නොමැති නිසා ම බොහෝ රෝගීන්ගේ සුවවීමේ කාලය දික්වීම මෙන්ම සමහර අවස්ථාවල සුවකල නොහැකි අවස්ථාවට පත්වීම සිදුවේ. අංශභාග රෝගියෙකු මූලිකවම කරනු ලබන්නේ රෝහලක් කරා රැුුගෙන යාමයි. එහිදී ස්වසන මාර්ගය අවහිර නොවන සේ තැබීම ඇතැම් විට රෝහලේ දී උගුරට බටයක් දැමීම උගුරෙහි එකතු වන සෙම යන්ත්ර සුත්ර ආධාරයෙන් ඉවතට ගැනීම, ගිලීමේ අපහසුතා ඇති රෝගීන්ට ආහාර දීමට නාසයේ සිට ආමාශය දක්වා බටයක් යෙදීම, මුත්රාස්රය පාලනය නොමැති අයට බට සවි කිරීම ආදී මුලික කටයුතු සිදුවේ. හේතුව අනුව ශල්ය කර්මත් දියවැඩියාව කොලෙස්ටරෝල් තත්ත්ව පාලනය අධි රුධිර පීඩනය පාලනයට ඖෂධ යෙදීම ද කරනු ඇත. නමුත් දේශීය ඖෂධවල ද එම රෝග පාලනයට මෙන්ම මොළයේ ලේ කැටි ගැසීම් දියකිරීම සඳහා විශේෂ ඖෂධ වර්ග ඇත. ඒ සඳහා විශේෂ ශාක සාරයන්ගෙන් ලබාගන්නා ඖෂධ මෙන්ම පොළවෙන් ලබා ගන්නා ඛනිජ ද්රව්යවලින් නිෂ්පාදිත රස ඖෂධ යෙදීම ද සිදු කරනු ලැබේ. මෙම`ගින් රෝගියාගේ මොළයේ ඇති ලේ කැටි දියවීම මොළයේ ෙසෙලවල ක්රියාකාරීත්වය වර්ධනයට අත් පාවලට මොළයේ සිට ගමන් කරන රුධිර නාලවල ලේ සම්පාදනය කිරිම ආදී උසස් කාර්යයන් සිදුකරනු ලැබේ. මේ හේතුව නිසා අපේ හෙළ වෙදකමින් අංශභාග රෝගය සුවවීමේ සාර්ථකත්වය ඉතා උසස් ය. දේශීය වෙදකමේ තැවීම තෙල් ගෑම ප්රධාන චිකිත්සාවකි. නමුත් එපමණකින් පමණක් මෙම රෝගය සුවකල නොහැක. මක් නිසාද කියතොත් රුධිර නාලවල රුධිර ගමනාගමනය අඩපනව තිබිය දී අත් කකුල්වලට තෙල් ගෑමෙන් වැඩක් සිදුවේ ද? එබැවින් පිටතින් ආලේපන තෙල් ගෑම පත්තු බැඳීම කළ යුත්තේ අභ්යන්තරයට ඖෂධ යෙදීමත් සම`ගයි. රුධිර වාහිනී පුපුරායාමෙන් වන ලේ ගැල්මක් රුධිර නාල අවහිරවීමෙන් ආදී හේතු නිසා මොළයේ රුධිර සැපයුමෙහි වන වෙනස්කම් අංශභාගයට හේතුවක් වේ. සිරුරේ අන්ජිවී ෙසෙල මෙන් ම මොළයේ ෙසෙලවලට ද ඔක්සිජන් වායුව හා පෝෂ්යපදාර්ථ අවශ්ය ය. මේවා මොළයට ලැබෙන්නේ රුධිරය මගිනි. හොඳ රුධිර නාල පද්ධතියක් මගින් මොළයට හොඳ රුධිර සැපයුමක් ලැබුන ද කුමක් හෝ අඩල වීමක් සිදුවුවහොත් ඒ නිසා රුධිරය නොලැබෙන අදාළ පටකය මිය යයි. එවිට එම පටකවලින් පාලනය වුනු කාර්යය ද ඇණ හිටී. රුධිර වාහිනී පුපුරායාමට බොහෝ විට අධි රුධිර පීඩනය හේතුවේ. සමහර අයගේ උපතින් ඇතිවන රුධිර නාලවල දුර්වලතා හේතු වේ. රුධිර නාලවලින් රුධිරය කලා යන්නේ පයිප්ප දිගේ වතුර ගලනවා මෙනි. එවැනි රුධිර නාල බිත්තිවල කොලෙස්ටරෝල් හා ලිපිඩ සංයෝග තැන්පත් වුවහොත් රුධිර වාහිනී බිත්ති ඝන වේ. එවිට ඇදෙන සු`ඵ බව හා රුධිර වාහිනී කුහරයේ විෂ්කම්භය අඩුවේ. රුධිර වාහිනී පටු වේ. මෙවැනි තැනක කුඩා ලේ කැටියක් වැනි දෙයක් සිරවීමේ ඉඩකඩ වැඩිය. මෙහි අවසන් ප්රතිඵලය වන්නේ තවදුරටත් එම රුධිර වාහිනිය ඔස්සේ රුධිරය ගමන් නොකිරීමයි. එසේ රුධිරය නොලැබීම නිසා එම රුධිර නාලයෙන් පෝෂණය වන මොළයේ පටක මිය යයි. රුධිර කොලොස්ටරෝල් මට්ටම ඉහළ යාම හා දියවැඩියා රෝගයෙන් පෙළීම මෙසේ රුධිර වාහිනී කුහරය පටුවීමට ප්රධාන හේතුය. මේ සඳහා ද කොලොස්ටරෝල් පාලනයට හා දියවැඩියා පාලනයට දේශීය වෙදකමේ ඉතා සාර්ථක ඖෂධ ඇත. රූමටික් හදවත් රෝග උපදංශ වැනි ලිංගික රෝග ආදිය රුධිර නාලයන්ගේ ලේ කැටි සිරවීමට ඉඩ ඇති රෝගය එන්තෙපලයිටින්, මෙතින්ජයිටින්, හිස් කබල බිඳීම නිසා ඇට කැබලි මොළයේ තෙරපීමෙන් හෝ සුෂුම්නා ශීර්ෂකයේ ගෙඩි පිළිකා නිසා හා හෘදයේ රෝග නිසාත් අංශභාග රෝග තත්ත්වය හට ගනී. කුමන හේතුවකින් ඇති වුව ද සිදුවන්නේ මොළයෙන් පාලනය වන අවයවයන්ට ලේ සැපයීමේ බාධාවයි. මොළයට සිදුවන හදිසි අනතුරු නිසා මොට්ට හෝ තියුණු ආයුධයකින් වෙඩි උණ්ඩයකින් සිදුවන අනතුරු නිසා උසක සිට වැටීම හිසට තද පහරක් වැදීම හිස යමක වැදීම ආදිය නිසා ඇතිවන තැලීම් සමහර උපත් පාලන පෙති දුම්බිම ආදී හේතු නිසා බොහෝ තරුණ පිරිස් අංශභාගයට ගොදුරු වේ. මොළයේ ඇතිවන ගෙඩි නිසාත් ක්ෂය රෝගය වැනි බෝවන රෝග නිසාත් මොළය ආසාදනය වීමෙන් පටක හානිවිම නිසා ද අංශභාගය වැළදේ. ඉහත දැක්වු ශාරිරික හා බාහිර හේතු මෙන්ම මානසික හේතු ද අංශභාගයට බලපායි. මානසික පසුතැවීම්, බලාපොරොත්තු කඩවීම්, නිතර ශෝක සිතුවිලි, මනස දුර්වල අය, භය කෝපය ආදී මානසික උද්වේගය නිසා මොළයේ ස්නායුන්ගේ බලපෑමක් හදිසියේ හටගත හැක. අංශභාගය එකම රෝගියාට දෙවරක් වුව ද සෑදීමට ඉඩ ඇත. දෙවන අවස්ථාවේ දී අංශභාගය එය සෑදුනු පැත්තේම හෝ ඊට විරුද්ධ පැත්තේ හෝ කලින්ට වඩා දරුණුව හෝ සෑදීමට ඉඩ ඇත. එයට හේතුව නියමිතව ප්රතිකාර නොගැනීමයි. දේශීය වෙදකමට යොමු වී නියමිතව ප්රතිකාර කරගෙන යාමෙන් දෙවන තුන්වන වර අංශභාග තත්ත්ව ඇතිවීම වැළැක්විය හැක. ඉතා කල්පනාකාරීව සිතා බැලූවහොත් අංශභාගය සෑදීමට මාස කිහිපයකට පෙර සිට හෝ දින කිහිපයකට පෙර සිට අනතුරු අ`ගවන ලක්ෂණ රෝගියාට පෙන්නුම් කරයි. නමුත් ඒ ගැන අවබෝධය අංශභාග රෝගයට දරුණු ලෙස ගොදුරු වීමට හේතුවක් වේ. අත් පා හිරිය, අත් පා බර බව අඩු වැඩිවෙමින් පවතින අධික හිසරදය ශබ්ද ඇසීමට ඇති අකමැත්ත, ඉක්මනින් ගමන් කිරීමට නොහැකි බව, දුබල බව, මතක ශක්තිය හීනවීම, ඉක්මනින් කෝපවීම, දුකක් හෝ සතුටක් දරාගත නොහැකි බව, කටට ලූණු ඇඹුල් රස නොදැනීම, මේ ආදී සු`ඵ සු`ඵ ලක්ෂණ පහළ විය හැක. මධුමේහය හෙවත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, වාතරක්ත රෝගයේ උපද්රවකර රෝග ඇති අයෙකුට පහළවන්නේ නම් ඒ පිළබඳව වෛiවරයෙක් වෙත ගොස් සැලකිලිමත් වීම වටී. තැවීම, තෙල් ගෑම, අභ්යන්තරයට ඖෂධ යෙදීම ආදි ප්රතිකාර පන්තියක් තුළින් අප බලාපොරොත්තුවන්නේ ශරීරයේ අත් පා ආදියේ බර සැහැල්ලූ කිරිමයි. සාමාන්යයෙන් මෙම රෝගයේ දී වාතයේ කි්රයාකාරීත්වය අඩපණ වීම නිසා එම අප්රාණික වූ අත්පාවල බර අධික වේ. මෙහිදී ඇති වන තත්ත්වයන්හිදී රෝගියාට හිතූමනාපේ පෙර වැරදි ඉරියව්වලට සිටීමට ඉඩ නොදී මාංශපේෂීවල ලිහිල්භාවය ඇතිවන විධියේ දේශීය ඖෂධ, ආහාර ආදියෙන් චිකිත්සාව ආරම්භ කරන අංශභාග රෝගියා දුර්වල තත්ත්වයක සිටීනම් සුප් වර්ග ආදිය දීමෙන් ශක්තිමත් කළ යුතුය. බොහෝ තරබාරු නම් ආහාර පාලනය මගින් බර අඩු කළ යුතුය. එමෙන්ම වාත ශමන තෙල් ගැල්වීම, නාඩි උත්තේජක, මාංසවර්ධක තෙල් ගැල්වීම්, පංචකර්ම චිකිත්සා ආදිය කළ යුතුය. දියවැඩියා වැනි රෝග කලක් පැවති රෝගීන්ගේ මාංශ පේෂී ලිහිල්තාවයක් දක්නට ලැබේ. එවැනි රෝගීන්ට මාංශපේෂීවල ලිහිල්තාව නැතිවන විදියේ දේශීය ඖෂධ වර්ග යෙදීම තෙල් ගෑම කළ යුතුය. නිවැරදි ආකාරයට තැවීම තෙල් ගෑම මෙන්ම තෙල් ගැල්වීමේ දී රෝගියා තබන ඉරියව් ද වැදගත්ය. අත්වල තෙල් ගැල්වීමේ දී පුටුවක හිඳුවීමත්, පා වල තෙල් ගැල්වීමේ දී ඇඳක දිගාකර ගෑමත් නිසිලෙස මස් පි`ඩු සකසමින් තෙල් ගැල්වීමත් කළ යුතුයි. පළමුව තැවීමෙන් හොඳින් රෝම කූප විස්තාරණය සිදුවේ. ඉන්පසු තෙල් ගෑමෙන් වටිනා ඖෂධීය තෙල් හොඳින් සමට උරා ගනී. තවා තෙල් ගෑමෙන් පසු කළ යුතු කාර්යය වන්නේ ව්යායාමය යි. අංශභාගය සෑදී මාස ගණනක් ගතවීත්, අඩු තරමින් අත්දෙක පටලවාවත් එසවීමට නොහැකි රෝගීන් අපට හමුවේ. එයට හේතුව උරහිස සන්ධියේ මාංශ පේෂි හිරතාවය හෙවත් තදබවකි. මෙහිදී අත් සහ ගෙල විශේෂ ඖෂධීය පොට්ටනිවලින් තවා විශේෂ ව්යායාම ක්රම මගින් රෝගියාට ව්යායාම් කිරිමට සැලැස්විය යුතුය. සැලකිය යුතු කරුණ නම් වෙනකෙක් විසින් රෝගියාගේ අත් පා ක්රියාකරවීමෙන් කිසිදු ප්රයෝජනයක් අත් නොවේ. කළ යුතු වන්නේ රෝගියා විසින්ම ආයාසයෙන් ව්යායාම කරවීමය. එවිට හොඳින් මංශපේෂී ඇදීම සිදුවේ. මොළයට පණිවුඩ හුවමාරුව සිදුවේ. මේ අනුව ක්රමයෙන් පණ නැති ස්වභාවය නැති වී අත් පා එසවීමට හැකිවේ. එසේම රෝගියාගේ මානසික තත්ත්වය මේ රෝගයේදී ප්රධාන තැනක් ගනී. මේ රෝගය සෑදුනු කෙනෙකු මනසින් දුර්වල වුව ද කිසිදිනක මෙම රෝගය සුව නොවේ යැයි කල්පනා නොකළ යුතුය. මනසේ දුර්වල බව නිසාම රෝගියා තම රෝගය සුව කර ගැනීමට උනන්දු නොවේ. වැදගත් කරුණ වන්නේ රෝගියා දිරිමත් කිරීමයි. රෝගය සුවවන බව රෝගියාගේ මනසට ඇතුල් කිරීමෙන් රෝගියාගේ උනන්දුව ඇති වී ධෛර්ය සම්පන්න වේ. රෝගය පිළිබඳ දැනුවත් බව, නියමිත වටිනා දේශීය ඖෂධ භාවිතය, නියමිත පරිදි තෙල් ගැල්වීම, ව්යායාම් කිරීම සුවය පිළිබඳ සුභවාදී ආකල්පය, කැපවීම හා ධෛර්යයෙන් යුතුව ප්රතිකාර ලබාගන්නේ නම් ස්ථිර වශයෙන් ම මේ රෝගය සුව කිරීමට හැකි වන්නේ ය. ස්තුතිය-නයනතරු ආයුර්වේද මධ්යස්ථානයේ ආයුර්වෙදී ශාස්ත්ර ,පාරම්පරික සර්වාංග,වෛද්ය භූෂණ වෛද්ය ශාමලී වෛද්යකුමාරි විමසීම් – 0717738505 (උපුටා ගැනීම- Srilankamirror)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom