අංශභාගේ ලෙඩ්ඩු හොද කරන අම්මයි – දුවයි..!

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    අංශභාගේ ලෙඩ්ඩු හොද කරන අම්මයි – දුවයි..!

    ඉස්පිරිතාලේ ඇතුළත් කරලා සුව කරන්න බෑ කියන අංශභාගේ ලෙඩ්ඩු හොද කරන අම්මයි – දුවයි..!
    ඉතා දියුණු තත්ත්වයට පත් වෛද්‍ය විද්‍යාවෙන් පවා ප්‍රතිකාර ලබා ගත්තද ඇතැම් රෝග තත්වයන් ඉන් සුව නොවීම නිසා දේශීය ආයුර්වේදයේ පිහිට පැතීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. අංශභාග රෝගය මේ අතරින් ප්‍රධාන තැනක් හිමිකරගෙන ඇත. පරම්පරා ගණනාවකින් ලද දැනුමෙන් සු‍පෝෂිත අනුරාධපුර දිස්ත්‍රික්කයේ මවක් සහ ඇගේ දියණිය අංශභාගය ඇතුළු සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් කරන මහත් සේවාවක් ලෙසිනි. මේ නිසා ඔවුන්ගේ දෙඅතින් සුවය ලැබූ රටේ විවිධ ප්‍රදේශවල රෝගීන් සිය ගණනක් සිටිති.

    zxf3jD2.png

    අනුරාධපුර, නෙළුම්කුලම මාර්ගයේ පිහිටා ඇති මහ පාලාඩිකුලම ප්‍රදේශය වඩා ප්‍රසිද්ධ වී ඇත්තේ පාලාඩිකුලම වෙද නිවස නිසාවෙනි. මේ නිවසට රටේ විවිධ ප්‍රදේශවලින් දිනපතා විශාල පිරිසක් පැමිණෙන්නේ අංශභාගය ඇතුළු සර්වාංග රෝගවලට ප්‍රතිකාර ගැනීම සඳහාය. අත් පා වාරු නැතිව මේ නිවසට පළමුවර පැමිණෙන අංශ බාග රෝගීන් රැසක් ආපසු පිටව යන්නේ යම් සුවයක් ලබාගෙනය.

    මෙලෙස රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සිදු කරන්නේ පාලාඩිකුලම වෙද නිවසේ පදිංචිව සිටින දේශීය වෛද්‍ය එච්. ඩී. කරුණාවතී මහත්මිය සහ ඇගේ දියණිය වන රේණුකා දමයන්ති මහත්මියයි. කරුණාවතී මහත්මිය අද රෝගී ප්‍රතිකාර කටයුතුවලට දායකත්වය දක්වන්නේ සිය දියණියට ප්‍රතිකාර කටයුතු පිළිබඳව සිය පාරම්පරික දැනුම ලබා දෙමිනි. එච්. ඩී. කරුණාවතී මහත්මිය දේශීය වෙදකම පිළිබඳව පාරම්පරික දැනුම ලබාගෙන ඇත්තේ සිය පියා වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නමගිය පාරම්පරික වෛද්‍යවරයකු වූ හේතුවා වෙද මහතාගෙනි.

    මගේ මුත්තලා කුරුණෑගල පැත්තේ පදිංචිව සිටි අයයි. ඔවුන් පසුව අනුරාධපුර ප්‍රදේශයට පදිංචියට ඇවිත් තිබෙනවා. මගේ තාත්තලා පාලාඩිකුලම ප්‍රදේශයේ පදිංචියට ඇවිත් තියෙන්නේ 1918 වසරේදීයි. ඒ කාලයේ මේ පැත්ත කැලෑ ප්‍රදේශ. එතරම් ගෙවල් තිබිලා නෑ. මේ කාලයේ අපේ පැත්තේ වෙද මහත්තයෙක් ඉඳලත් නෑ. විවිධ අසනීපවලදී ගම්මු බෙහෙත් ගන්න වෙද මහත්තුරු හොයාගෙන බොහෝ දුර බැහැර ගිහිල්ලා තියෙනවා. ඉතින් තාත්තාට හිතිලා තියෙනවා තමන්ගේ දැනුමෙන් ගමේ මිනිස්සු සුවපත් කරන්න ඕනේ කියලා. යැයි කරුණාවතී මහත්මිය අතීතය එලෙස සිහිපත් කළාය.

    හේතුවා වෙද මහතා තම පරපුරේ පුරාණ වෙද ‍පොත් පත් පරිශීලනය කර සිය දැනුම වැඩිකර ගත්තේය. ඔහු ප්‍රධාන වශයෙන් දද, කුෂ්ඨ, ආතරයිටීස් ආදී රෝගවලට ප්‍රතිකාර කළේය. ඊට අමතරව අංශ බාග රෝගීන්ටද ප්‍රතිකාර කළේය. ඈත පළාත්වල රෝගීන් පවා හේතුවා වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණියේය. සිය පියා වෙදකම් කරන අයුරු කරුණාවතී මහත්මිය කුඩා කල සිටම මහත් ආසාවෙන් බලා සිටියාය. ඇය නිරතුරුවම පියාගේ වෙද හෙදකම්වලට උදව් කළාය.

    එක්දහස් නමසිය හැටේ විතර ඉඳන් මම තාත්තාට උදව් කරන්න පටන් ගත්තා. තාත්තා කියද්දී මම බෙහෙත් තුණ්ඩු ලිව්වා. ලෙඩ්ඩුන්ට බෙහෙත් ඔතලා දුන්නා. ඒ කාලයේ පත්තර කඩදාසිවල තමයි බෙහෙත් ඔතලා දුන්නේ. මම මේ කටයුත්ත කළේ බොහොම ආසාවෙන්. ඒ කාලයේ අපේ ගෙදර දවල් රෑ නැතිව ලෙඩ්ඩු පිරිලා හිටියා. මොකද තාත්තා බෙහෙත් කළේ ලෙඩ්ඩුන්ව ගෙදර නතර කරගෙනයි. දුර බැහැර පැතිවලින් ලෙඩ්ඩු ආවේ. දැන් වගේ වාහන පහසුකම් ඒ කාලයේ තිබුණේ නෑනේ. ඉතින් ලෙඩ්ඩු ගොඩක් දෙනෙක් ගෙදර ගියේ ලෙඩේ සුව වුණාට පසුවයි. යැයි කරුණාවතී මහත්මිය පවසන්නීය.

    දැන් කා‍ලේ වගේ ‍නෙවෙයි ඉස්සර. ගෙදර නැවතිලා හිටපු ලෙඩ්ඩුන්ට තේ දෙනවා. කෑම දෙනවා. ගමේ අයත් බෙහෙත් වැඩවලට උදව් කරා. පිටරටවලින් පවා තාත්තාගෙන් ප්‍රතිකාර ගන්න ආවා. යැයි කරුණාවතී මහත්මිය පවසන්නීය.
    කරුණාවතී මහත්මිය තනිවම ප්‍රතිකාර කටයුතු ඇරඹුවේ 1981 වසරෙන් පසුවය. ඒ සිය සැමියාගේ අභාවයෙන් අනතුරුවය. ඇය වැඩි වශයෙන්ම ප්‍රතිකාර කරනු ලැබුවේ අංශ බාගය සෑදුනු රෝගීන්ටය. නිවසේම බෙහෙත් වර්ග වගා කර, නිවසේදීම බෙහෙත් සාදා ඇය දහස් ගණනක් රෝගීන් සුවපත් කළාය. මේ නිසා ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන පවා ලබා ගත්තාය.

    රජරට කලාපයේ දේශීය ආයුර්වේදය වෙනුවෙන් කරන ලද මෙහෙවර වෙනුවෙන් දේශීය වෛද්‍ය කරුණාවතී මහත්මියට සම්මාන රැසක් හිමිවී ඇත. රජරට ආයුර්වේද වෛද්‍ය පීඨ පාලක සභාව විසින් දේශීය වෛද්‍ය කරුණාවතී මහත්මියට දේශ කීර්ති, වෛද්‍ය විශාරද ගෞරව සම්මාන නාමය පිරිනමා ඇත. ඒ, ඇය ආයුර්වේද වෛද්‍ය කර්මයේ උන්නතිය සහ ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම නිසාවෙනි. කරුණාවතී මහත්මිය ඉසිවර වෙදැදුරු අභිනන්දන සන්නස් පත්‍රය ජනාධිපතිවරයාගේ අතින් ලබා ගත්තාය. ඉකුත් වසරේදී (2017) පාරම්පරික වෙදැදුරන් ඇගයීමේ උත්සවයේදීද ඇය ඇගයීමට පාත්‍ර වී ඇත.

    කාලයත් සමඟ ඇය අද විශ්‍රාම සුවයෙන් පසුවන්නීය. නමුත්, ඇය සිය දැනුම අනාගතයට ලබා දෙන්නේ තවත් රෝගීන් දහස් ගණනක් සුවපත් කිරීමේ පරම අභිලාෂයෙනි. සිය මව වූ කරුණාවතී මහත්මියගෙන් සහ පරම්පරාවෙන් ලබාගත් විශාල දැනුමෙන් අද රේණුකා දමයන්ති මහත්මිය අංශභාග සහ සර්වාංග රෝගීන් සිය ගණනක් සුවපත් කර ඇත.

    මගේ මුත්තලා හය දෙනෙක් විතර පාරම්පරික ආයුර්වේද වෙදකම කරලා තියෙනවා. අම්මාගෙන් සහ මුත්තලාගේ ‍පොත් පත්වලින් මම අද ලොකු දැනුමක් ලබාගෙන තිබෙනවා. මගේ මුත්තලා සර්වාංග රෝග, ළමා රෝග, සන්ධි වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විතරක් නොවෙයි සත්තුන්ට පවා ප්‍රතිකාර කරලා තියෙනවා. නමුත්, දැන් අපි ප්‍රතිකාර කරන්නේ සර්වාංග රෝගවලට විතරයි. කුඩා කාලයේ සිටම මම දේශීය වෙදකමට ආසාවක් දැක්වූවා. මගේ මේ කටයුතුවලදී මවගෙන් ලැබෙන සහාය අති විශාලයි. යැයි රේණුකා දමයන්ති මහත්මිය පැවසුවාය.

    දැන් අංශභාග රෝගීන් එන්න එන්නම වැඩි වෙනවා. ඒකට ලොකු කුඩා කියල භේදයක් නෑ. තරුණ පිරිස් පවා බහුලව ප්‍රතිකාර ගැනීමට එනවා. මේ තත්ත්වයට බලපාන කාරණා කීපයක්ම තියෙනවා. අපි කන බොන ආහාර ඉන් පළමු වැන්නයි. දෙවැන්න මානසික ආතතිය. තුන් වැන්න තමයි ශරීරයෙන් දහඩිය පිට නොවීම. බොහෝ දෙනා කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිසා ඉක්මනින් රෝගී තත්ත්වයට පත්වෙලා. යැයි රේණුකා දමයන්ති මහත්මිය කියන්නීය.

    අද තරුණ පිරිස තමයි වැඩිපුරම මානසික ආතතියට පත්වෙලා සිටින්නේ. ඒ අය බොහෝ දෙනෙක් ජීවත් වන්නේ දැඩි පීඩනයකින්. ඉතින් රෝග සෑදීමේ ඉඩ ප්‍රස්ථාව වැඩියි. රෝහල්වලට ඇතුළත් කරලා සුව කරන්න බෑ කියන අංශභාග රෝගීන් රැසක් අප ළඟට ගේනවා. අංශභාග මුල් අවස්ථාවේම ගෙනෙන රෝගීන් නිට්ටාවටම සුවපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතා අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් මම දවස් තුනකට වරක් වත් පරීක්ෂා කරලා ප්‍රතිකාර කරනවා. මම මුලින්ම කරන්නේ රෝගියාගේ මොළයේ ෙසෙල අවදි කිරීමට කටයුතු කිරීමයි. මොකද ප්‍රතිකාර කිරීමට පෙර ඉතා වැදගත් වෙන්නේ රෝගියාගේ මනස අවදි කිරීමයි. ඔබට මේක කරන්න පුළුවන් ආදී ලෙස ඔවුන්ගේ සිත ශක්තිමත් කිරීමෙන් රෝගියා සුවපත්වීමේ ප්‍රවණතාවද වැඩියි. යැයි රේණුකා දමයන්ති මහත්මිය පවසන්නීය.

    රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බෙහෙත් පැළෑටි වර්ග රැසක් පාලාඩිකුලම වෙදගෙදර ගෙවත්තේ සිටුවා ඇත. තෙල් වර්ග, ගුලි වර්ග ඇතුළු දෑ සකස් කරන්නේද වෙද නිවසේදීමය. ඒ සඳහා නිවසේ වෙනම කොටසක් සකසා ඇත. ළිප් මත වූ විශාල තාච්චුවල විවිධ බෙහෙත් වර්ග ඉතා පිරිසුදුවට සැකසේ.

    අංශභාගය ඇතුළු රෝගවලට ඕන කරන බෙහෙත් වර්ග තවමත් අනුරාධපුර කැලෑවල තියෙනවා. ගස්වල කොළ ‍පොතුවලින් තමයි මේ බෙහෙත් වර්ග ගොඩාක් සකස් කරනු ලබන්නේ. අපි මේ බෙහෙත්වලින් තමයි රෝගීන් සුවපත් කරන්නේ. යැයි ආයුර්වේද වෛද්‍ය කරුණාවතී මහත්මිය පවසන්නීය.

    සාලිය කුමාර ගුණසේකර
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපෝ බං ඔහෙට අපේ මාමව ගෙනිච්චා ස්කෑන් බලලා (40% මොලේ මැරිලා) ඔවාද හොද කලේ කියලා බාර ගත්තා උදේ සවය ගාන්න තෙල් දුන්නා දිව මදින්න බෙහෙතක් දුන්නා දවස් 2යි ලෙඩා මලා
    බැරිදේ බැහැයි කියන්නේ නෑ සල්ලි තන්හාවට :baffled::baffled: තෙල් වලට 5000යි බෙහෙත් පොට්ටනියට 1000යි ගාන අව්ලක් නෑ ඒත් හොදකරන්න බැරි බව දැන දැන ගෙදර උන්ට බොරැ බලා පොරොත්තු දෙන එක වැරදියි මාමට 57යි වයස:baffled::baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ බං ඔහෙට අපේ මාමව ගෙනිච්චා ස්කෑන් බලලා (40% මොලේ මැරිලා) ඔවාද හොද කලේ කියලා බාර ගත්තා උදේ සවය ගාන්න තෙල් දුන්නා දිව මදින්න බෙහෙතක් දුන්නා දවස් 2යි ලෙඩා මලා
    බැරිදේ බැහැයි කියන්නේ නෑ සල්ලි තන්හාවට :baffled::baffled: තෙල් වලට 5000යි බෙහෙත් පොට්ටනියට 1000යි ගාන අව්ලක් නෑ ඒත් හොදකරන්න බැරි බව දැන දැන ගෙදර උන්ට බොරැ බලා පොරොත්තු දෙන එක වැරදියි මාමට 57යි වයස:baffled::baffled:

    :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ බං ඔහෙට අපේ මාමව ගෙනිච්චා ස්කෑන් බලලා (40% මොලේ මැරිලා) ඔවාද හොද කලේ කියලා බාර ගත්තා උදේ සවය ගාන්න තෙල් දුන්නා දිව මදින්න බෙහෙතක් දුන්නා දවස් 2යි ලෙඩා මලා
    බැරිදේ බැහැයි කියන්නේ නෑ සල්ලි තන්හාවට :baffled::baffled: තෙල් වලට 5000යි බෙහෙත් පොට්ටනියට 1000යි ගාන අව්ලක් නෑ ඒත් හොදකරන්න බැරි බව දැන දැන ගෙදර උන්ට බොරැ බලා පොරොත්තු දෙන එක වැරදියි මාමට 57යි වයස:baffled::baffled:

    ත්‍රෙඩ් ක්ලෝස්ඩ්
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    අපෝ බං ඔහෙට අපේ මාමව ගෙනිච්චා ස්කෑන් බලලා (40% මොලේ මැරිලා) ඔවාද හොද කලේ කියලා බාර ගත්තා උදේ සවය ගාන්න තෙල් දුන්නා දිව මදින්න බෙහෙතක් දුන්නා දවස් 2යි ලෙඩා මලා
    බැරිදේ බැහැයි කියන්නේ නෑ සල්ලි තන්හාවට :baffled::baffled: තෙල් වලට 5000යි බෙහෙත් පොට්ටනියට 1000යි ගාන අව්ලක් නෑ ඒත් හොදකරන්න බැරි බව දැන දැන ගෙදර උන්ට බොරැ බලා පොරොත්තු දෙන එක වැරදියි මාමට 57යි වයස:baffled::baffled:

    :oo:

    ආතල් කුඩු
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    අපෝ බං ඔහෙට අපේ මාමව ගෙනිච්චා ස්කෑන් බලලා (40% මොලේ මැරිලා) ඔවාද හොද කලේ කියලා බාර ගත්තා උදේ සවය ගාන්න තෙල් දුන්නා දිව මදින්න බෙහෙතක් දුන්නා දවස් 2යි ලෙඩා මලා
    බැරිදේ බැහැයි කියන්නේ නෑ සල්ලි තන්හාවට :baffled::baffled: තෙල් වලට 5000යි බෙහෙත් පොට්ටනියට 1000යි ගාන අව්ලක් නෑ ඒත් හොදකරන්න බැරි බව දැන දැන ගෙදර උන්ට බොරැ බලා පොරොත්තු දෙන එක වැරදියි මාමට 57යි වයස:baffled::baffled:

    වෙන්න ඇති හැබැයි කලකට පෙර අම්මා පමණක් බෙහෙත් කරන කාලේදී මගේ අවු 62 ක මාමා කෙනෙක් මෙතනින් බෙහෙත් අරන් සුව වුණා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෙන්න ඇති හැබැයි කලකට පෙර අම්මා පමණක් බෙහෙත් කරන කාලේදී මගේ අවු 62 ක මාමා කෙනෙක් මෙතනින් බෙහෙත් අරන් සුව වුණා

    මං කියන්නේ මෙයාගේ බෙහෙත් හොදනෑ කියලා නෙමෙයි ගෙදර උන්ට බොරැ බලාපොරොත්තු දෙන එක වැරදියි (මාමා මං ලඟ ඉන්දැද්දි පන ගියේ) වෙද මහත්තයෙක් උනාම හොදකරන්න බැරි ලෙඩාගෙන් සල්ලි කඩාගන්න නෙමෙයි බලන්න ඔනේ ගෙදර උන්ගේ හිත හැදෙන්න වැඩ කරන්න
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    මං කියන්නේ මෙයාගේ බෙහෙත් හොදනෑ කියලා නෙමෙයි ගෙදර උන්ට බොරැ බලාපොරොත්තු දෙන එක වැරදියි (මාමා මං ලඟ ඉන්දැද්දි පන ගියේ) වෙද මහත්තයෙක් උනාම හොදකරන්න බැරි ලෙඩාගෙන් සල්ලි කඩාගන්න නෙමෙයි බලන්න ඔනේ ගෙදර උන්ගේ හිත හැදෙන්න වැඩ කරන්න

    :yes: දැන් නම් අංශබාගය හැදුන ගමන් පැය 4ක් ඇතුලත රෝහලකට ගෙන ගියාම එක ඉන්ජෙක්ෂන් එකයි ගහන්නේ මොළේ ලේ කැටිය දිය වෙන්න. සුව වෙලා දවස් 2න් ගෙදර. (හැම රෝහලේම නැ)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :yes: දැන් නම් අංශබාගය හැදුන ගමන් පැය 4ක් ඇතුලත රෝහලකට ගෙන ගියාම එක ඉන්ජෙක්ෂන් එකයි ගහන්නේ මොළේ ලේ කැටිය දිය වෙන්න. සුව වෙලා දවස් 2න් ගෙදර. (හැම රෝහලේම නැ)

    :yes::yes: ඒක හැම කෙනාටම හරියන්නේ නෑ මොලේ රත්තපාත තත්වයක් තියනවා නම් දවස් 3ක් බලලා බෙහෙත විදින්නේ:baffled: