අකලට පහල වූ මොළයක්.
වර්තමාන පරිගණකයේ මූල් ආකෘතිය වූ ගණක යන්ත්‍රය නිර්මාණය කිරීම උදෙසා පරිගණකයේ පියා නම් ගෞරව නාමය හිමිවන්නේ බ්‍රිතාන්‍යය ගණිතඥ චාල්ස් බැබේජ් හටයි.
19 වෙනි ශතවර්ශයේ මුල් කාර්තුවේ මිනිස් මොළයෙන්ම පමණක් ගණනය කිරීම් සිදුකරන සමයකදී, මෙසේ මානව නියුරෝන ජාලයන් මගින් සිදුකල ගණිතකර්ම තුල වූ අනේකවිද දෝශයන් දුටු චාල්ස් බැබේජ් ගණිත කර්ම ඉතාම නිරවද්‍යය ලෙස සිදුකල හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ මූලික පියවර තබන ලදී.
බ්‍රිතාන්‍යය රජයේ අනුග්‍රහය යටතේ ආරම්භ වූ එම ව්‍යාපෘතිය එවකට ලෝකයා අත්පත්කරගෙන සිටි තාක්ෂනික දියුණුව අභිබවා යන්නක් වූ නිසා සම්පූර්ණ නොකරම අවසන් වූයේ යුධ නෞකා ද්විත්වයක් සෑදීමට විදයම් වන මුදලට සමාන මුදලක් බ්‍රිතාන්‍යය භාණ්ඩාගාරයෙන් වැය වීමෙන්ද අනතුරුවයි.
පසුව නැවතත් වඩා දියුණු යන්ත්‍රයක සැලසුමක් බැබේජ්ගේ මනසින් නිර්මිත වුනත් එයද න්‍යායාත්මක මට්ටමින් ප්‍රායෝගික තලයට නොගියේ පරීක්ෂණ පිරිවැය දැරීමට අයෙක් නොසිටි බැවිනි.Analytical Mechine නම් මේ යන්ත්‍රයට වර්තමාන පරිගණකයක් සතු සියළු උපාංග පිහිටි අතර මේ සඳහා වූ ක්‍රමලේඛණය නිර්මාණය කලේ ඇඩා ලෝව්ලේස් නම් ගණිතඥවරියයි.ඇය ලොව මුල්ම පරිගණක ක්‍රමලේඛණයේ නිර්මාතෘවරිය ලෙසින් ඉතිහාසයට එක්විය.
නැවතත් අසාර්ථක වූ මුල් යන්ත්‍රයම ප්‍රතිනිර්මාණය කිරීමක් පිළිබඳ චාල්ස් බැබේජ් සිතා සිටියත් අනාගතයේ බිහිවීමට නියමිත තාක්ෂණයක් වර්තමානයට ගෙන ඒමට දරණ මේ උත්සාහයේ සංකීර්ණබව නොතේරුනු පරීක්ෂණ අනුග්‍රාහකබවතුන් විසින් බැබේජ් මුදල් ගසාකන වංචාකාරයෙක් ලෙස සිතා මූල්‍යය අනුග්‍රහයක් නොදුන් බැවින් සිය ජීවිත කාලය නිවමවන තෙක්ම බැබේජ් හට මේ යන්ත්‍රය නිර්මාණය කිරීමට නොහැකි විය.
බැබේජ්ගේ මරණින් සියවසකට පමණ පසුව බ්‍රිතාන්‍යය ගවේශකයන් කණ්ඩායමක් විසින් ඔහුගේ පරීක්ෂණ සටහන් පොත සොයාගත් අතර එය ලෝක ඉතිහාසයේ සිදුවූ සුවිසෙශී සිදුවීමක් වූයේ ඒ පොතේ වූ දත්ත ඇසුරෙන් 1991දී එවකට ලෝකයේ වූ දියුණු තාක්ෂණය භාවිතා කර බැබේජ්ගේ "Difference Mechine NO.2" නම් යන්ත්‍රය විද්‍යාඥයන් විසින් බිහිකල නිසාය.පරිගණකයේ පරිණාමය එතැනින් ඇරඹිනි.ඇත්තෙන්ම එය වේගවත් පරිණාමයක් විය.
අයිසැක් නිවුටන් සහ ස්ටීවන් හෝකින්ස් විසින්ද හොබවා ඇති කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ගණිතය සඳහා වූ ඓතිහාසික ලුකේශියානු මහාචාර්ය ධූරයද හොබවා ඇති,එමෙන්ම බිඳ හෙළිය නොහැකි යැයි පැවසුනු විනිජියර් කේතාංකය ගණිතයෙන් බිඳ දැමූ චාල්ස් බැබේජ් මියගිය පසුව ඔහුගේ මොළය විද්‍යාවේ මතු ප්‍රයෝජනයට මධ්‍යසාරයේ බහා සංරක්ෂණය කෙරිනි.මොළයෙන් එක් අර්ධයක් ලන්ඩනයේ රාජකීය ශල්‍යවෛද්‍යය විද්‍යාලයේ හන්ටේරියන් කෞතුකාගාරයේද අනෙක් අර්ධය ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේද වර්තමානයේ පවතී.
බිහිවිය යුතු නියමිත කාලයට ශතවර්ෂයට පෙර බිහිවූ චාල්ස් බැබේජ්ගේ මොළයේ එක් අර්ධයක් පහත රූපයේ දැක්වේ.ඊට පිටුපසින් ඇත්තේ මොළයේ හිමිකරුවාගේ සේයාරුවයි.