අකාල කවි.......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිනමාහලේ බැල්කනියෙදි බැඳ හාද
    අම්මට හොරෙන් දුන් චොකලට් කෑවාද
    ටිකටයෙ ලියු මගේ ලිපිනය ගත්තාද
    ඉක්මන් ලෙසින් මට තොරතුරු එවනවද

    ඉන්නේ බෝඩිමක මදුරුවෝ මකුණෝ කකා

    යන්නේ ප‍්‍රයිවටයෙ තෙරපී විඳින දුකා
    කන්නේ සයිවර්ය පොකටයේ ගාණ මකා
    වෙන්නේ නිමා කවදාදෝ අපගෙ දුකා

    ඔන්න මලේ ඔය චන්දය ඉල්ලා වරෙන්

    මනාපයට පොඩී උන්ටත් වැඳලා වරෙන්
    ප‍්‍රතිඵල අහනතුරු අඩියක් නොගහා ඉඳින්
    පැරදුණ හොත් ඔළු ගෙඩියත් බේර ගනින්

    අල්ලට සිඟා හෝ රුපියල් සත හොයලා

    ඩිංගක් කුඩක් උරහං මුල්ලකට වෙලා
    වැරහැලි ඇඳන් සෙම පෙරුවත් මොකද බොලා
    පිළිමය ලෙසට හිටහං සුරලොවට වෙලා

    අක්කයි මමයි ටියුෂන් යන වෙලාවේ

    කොල්ලෙක් ටේ‍්‍රලයෙන් ආවයි උලව්වේ
    ඇසිපිය ගහන තරමට ඒ වෙලාවේ
    අක්කත් සමඟ ඌ ඉගිලෙයි ඉලව්වේ

    376633_254417621272455_100001126563708_650993_908734669_n.jpg

     
    Last edited: