Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අකැමැත්තෙන් දන්දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකැමැත්තෙන් දන්දීම

දිනක් භාග්යවතුන් වහන්සේ හමුවට කොසොල් මහරජු පැමිණෙන්නේ මද්දහනෙහි ය. එහි දී රජු භාග්යවතුන් වහන්සේට පවසන්නේ ස්වාමීනි, මේ මද්දහනෙහි ඔබ වහන්සේ හමුවීමට පැමිණියේ සැවැත්නුවර අපුත්තක සිටුවරයා මියගියෙන් ඔහුගේ ධනය රාජ්ය භාණ්ඩාගාරයට පිටත්කොට හැරීමෙන් පසුව බවයි. එහි දී කොසොල් රජතුමා සිටුවරයා ජීවත් වූ ආකාරය පුදුමයෙන් මෙන් භාග්යවතුන් වහන්සේට ඉදිරිපත් කරයි.

සුවිශාල ධනයකට උරුමකම් කී අපුත්තක සිටුතුමා සතුව පැවති රත්රංවල වටිනාකම පමණක් කෝටි හැත්තෑවක් පමණ වන බවත්, මුතු මැණික්වල වටිනාකම මෙපමණයැයි පැවසිය නොහැකි බවත් පැවසූ රජතුමා එකී සිටුවරයා සිය ජීවිත කාලය පුරාවට ම ආහාර වශයෙන් නිවුඩු සහල් බත සහ කාඩි හොද්ද පමණක් ගත් බවත්, හණ පට්ටා තුනක් එක් කිරීමෙන් සකස් කරගත් ඇඳුමක් ජීවිතාන්තය තෙක් භාවිත කළ බවත්, ගමන් බිමන් යාම සඳහා භාවිත කළේ දිරා ගිය කරත්තයක් බවත් පැවසී ය. එතරම් ධනයක් තිබියදීත් ඒවා පරිභෝජනය කිරීමට නොහැකි වූයේ මන්දැයි කොසොල් රජු බුදුරදුන්ගෙන් විමසා සිටියි.

එහි දී භාග්යවතුන් වහන්සේ එම සිටුවරයාට එවන් දෙයක් උරුම වීමට වූ පූර්වාපර සන්ධි ගලපාලමින් දේශනා කළහ. මහරජතුමනි, අපුත්තක සිටුවරයා මීට පෙර භවයක ද සිටුවරයෙකු ව ඉපිද සිටියේ ය. එකල “තගරසිඛී” නම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ ව සිටියහ. උන්වහන්සේ කෙරෙහි ප්රසාදයට පත් සිටුවරයා දවල් දානය සඳහා සිය මාලිගයට වැඩම කරවන මෙන් ආරාධනා කළේ ය. එකී ආරාධනාව පිළිගත් බව දැනගත් හේ සිය සේවකයනට හෙට දිනයේ පසේ බුදුන් වහන්සේ දානය සඳහා වැඩම කරන බැවින් දානය සකස් කරන ලෙසට නියෝග කළේ ය. නියෝගය ලත් සේවකයෝ අතිශය ප්රණිතාකාරයෙන් දානය පිළියෙළ කළාහුය. එදින දානය සඳහා පසේ බුදුරජාණන් වහන්සේ සිටු මාළිගයට වැඩම කළහ. සේවකයන් විසින් සකසා ඇති දානය මීට පෙර කිසිදු දිනක තමන් භුක්තිවිඳ නැති තරම් ප්රණීත බව වැටහී ගිය සිටුවරයාට ඒ පිළිබඳ ලෝභි සිතක් පහළ විය. සිය දෑතින් පූජා කිරීමට තරම් සිතක් පහළ නොවී ය. එය පූජා කරන මෙන් සේවකයන්ට නියෝග කළේ ය. සේවකයෝ එසේ කළහ. මහරජතුමනි, අකැමැත්තෙන් නමුත් දන්දීමේ ආනිසංස වශයෙන් දිව්යාත්ම හතකුත්, සිටු ආත්ම හතකුත් ඔහු ලැබූ බව භාග්යවතුන් වහන්සේ රජතුමාට දේශනා කළහ. එකී භවවලදී කෙතරම් භව භෝග සැප සම්පත් ලැබුණ ද ඒවා භුක්ති විඳීමට සිත් පහළ නොවූයේ අකැමැත්තෙන් දන් දීමේ විපාක වශයෙන් බව දේශනා කළහ.

තමන්ටවත් භුක්ති විඳීමට සිත නොනැමෙන කල්හි එය වෙනත් කෙනෙකුට දීමට කෙසේවත් සිත නො නැමීම ස්වාභාවික ය. එබැවින් සසර කළ පින විපාක දී අවසන් වූ අතර, ඒ අතර කාලයේ දී කිසිදු පුණ්ය කර්මයක් සිදු කර නොගත් නිසා මේ වන විට පූර්ව භවයක දී සිදු කළ පුත්ර ඝාතනයක විපාක වශයෙන් රෞරවය නම් නිරයෙහි උපත ලබා දුක් විඳීන බව ද දේශනා කළහ. එහි දී භාග්යවතුන් වහන්සේ අනුශාසනා කරනුයේ,

“පුරාණඤ්ච පරික්ඛීණං පුඤ්ඤං නවං පුඤ්ඤං උප්පාදෙතබ්බං” යනුවෙනි. එනම්, පැරැණි පින ගෙවී යන විට අලුතෙන් පින් සිදු කරගත යුතු බවයි. එබැවින් යමක් යමෙකුට දෙන විට මසුරු මල අත්හැර දීමට උත්සුක විය යුතු ය. එසේ නොවුවහොත් සැප සම්පත් තිබියදීත් ඒවා භුක්ති විඳගැනීමට නො හැකිව ලතැවීමට මෙන් ම සමාජ අවඥාවෙන් පීඩා විදීමට ද සිදුවනු ඇත.

ඇතැමුන් හට “අත්ථි” සුඛය හෙවත් භව භෝග, යාන වාහන, උපධි සම්පත්, දැන උගත්කම් තිබුණ ද එයින් කිසිදු බැබලීමක් හෝ ප්රයෝජනයක් ගත නොහැකි ව ජීවත් වන අයුරු සමාජයෙන් දැකිය හැකි ය. මෙහි ඇති පුදුමය නම්, කිසිදු විටෙක ඔවුහු එය දුකක් ලෙස නො දැකීමයි.

ඇතැම්විට උසස් වර්ගයේ යාන වාහන තිබිය දී හෝ එවන් වාහනයක් මිලදී ගැනීමේ හැකියාව තිබිය දී දිරා ගිය රථයකින් දුෂ්කර ගමනක් යෑමෙන් ලබන ප්රීතිය ඔවුන්ට සුවපහසු රථයකින් ලැබිය නොහැකි වීම සහ එවැන්නකට සිත නො නැමීමයි. ප්රණීත ආහාරයන්ගෙන් සන්තර්පණය වීමට තරම් හැකියාව තිබිය දී පවා කටුක ආහාරයෙන් ජීවත්වීම ඔවුහු ප්රිය කරති. ඇතැම්විට තමන් වෙත ලැබෙන නැවුම් ආහාරය පසෙකලා පරණ වූ ආහාරයක් භුක්ති විඳීමට දක්වන්නේ මහත් රුචිකත්වයකි. හොඳ ම නිවාසයක වාසය කිරීමේ ඇති හැකියාව හෝ එවන් නිවාස උරුමව තිබිය දී පවා වැස්සෙන් තෙමෙන හිරිකඩ වදින කිසි සුවයක් නැති නිවාසයක විසීමට ඇතැම්හු මහත් සේ රිසි වෙති.

අසාමාන්ය ගණයේ විශිෂ්ට උගතුන් විවිධ දක්ෂතාවලින් යුක්ත වුව ද තම හිතමිතුරන් හැර අන් කිසිවෙකු නො හඳුනන, සමාජ ගෞරවයට ලක් නොවන පිරිස් සැබෑවට ම සමාජයේ නැතුවා ම නොවේ.

-කොළඹ මාලිගාකන්ද,

විද්යෝදය පිරිවෙනේ ආචාර්ය,

පොළොන්නරුව,ධනංජය රජමහා විහාරාධිකාරී,

රාජකීය පණ්ඩිත, දර්ශනපති

කන්දේගම දීපවංසාලංකාර හිමි

[QUOTE="kungpupanda, post: 21352795, member: 404084"] [b]අකැමැත්තෙන් දන්දීම[/b] [I][COLOR=Blue]දිනක් භාග්යවතුන් වහන්සේ හමුවට කොසොල් මහරජු පැමිණෙන්නේ මද්දහනෙහි ය. එහි දී රජු භාග්යවතුන් වහන්සේට පවසන්නේ ස්වාමීනි, මේ මද්දහනෙහි ඔබ වහන්සේ හමුවීමට පැමිණියේ සැවැත්නුවර අපුත්තක සිටුවරයා මියගියෙන් ඔහුගේ ධනය රාජ්ය භාණ්ඩාගාරයට පිටත්කොට හැරීමෙන් පසුව බවයි. එහි දී කොසොල් රජතුමා සිටුවරයා ජීවත් වූ ආකාරය පුදුමයෙන් මෙන් භාග්යවතුන් වහන්සේට ඉදිරිපත් කරයි.[/COLOR][/I] [I][COLOR=Blue] [/COLOR][/I] [I][COLOR=Blue]සුවිශාල ධනයකට උරුමකම් කී අපුත්තක සිටුතුමා සතුව පැවති රත්රංවල වටිනාකම පමණක් කෝටි හැත්තෑවක් පමණ වන බවත්, මුතු මැණික්වල වටිනාකම මෙපමණයැයි පැවසිය නොහැකි බවත් පැවසූ රජතුමා එකී සිටුවරයා සිය ජීවිත කාලය පුරාවට ම ආහාර වශයෙන් නිවුඩු සහල් බත සහ කාඩි හොද්ද පමණක් ගත් බවත්, හණ පට්ටා තුනක් එක් කිරීමෙන් සකස් කරගත් ඇඳුමක් ජීවිතාන්තය තෙක් භාවිත කළ බවත්, ගමන් බිමන් යාම සඳහා භාවිත කළේ දිරා ගිය කරත්තයක් බවත් පැවසී ය. එතරම් ධනයක් තිබියදීත් ඒවා පරිභෝජනය කිරීමට නොහැකි වූයේ මන්දැයි කොසොල් රජු බුදුරදුන්ගෙන් විමසා සිටියි.[/COLOR][/I] [I][COLOR=Blue] [/COLOR][/I] [I][COLOR=Blue]එහි දී භාග්යවතුන් වහන්සේ එම සිටුවරයාට එවන් දෙයක් උරුම වීමට වූ පූර්වාපර සන්ධි ගලපාලමින් දේශනා කළහ. මහරජතුමනි, අපුත්තක සිටුවරයා මීට පෙර භවයක ද සිටුවරයෙකු ව ඉපිද සිටියේ ය. එකල “තගරසිඛී” නම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ ව සිටියහ. උන්වහන්සේ කෙරෙහි ප්රසාදයට පත් සිටුවරයා දවල් දානය සඳහා සිය මාලිගයට වැඩම කරවන මෙන් ආරාධනා කළේ ය. එකී ආරාධනාව පිළිගත් බව දැනගත් හේ සිය සේවකයනට හෙට දිනයේ පසේ බුදුන් වහන්සේ දානය සඳහා වැඩම කරන බැවින් දානය සකස් කරන ලෙසට නියෝග කළේ ය. නියෝගය ලත් සේවකයෝ අතිශය ප්රණිතාකාරයෙන් දානය පිළියෙළ කළාහුය. එදින දානය සඳහා පසේ බුදුරජාණන් වහන්සේ සිටු මාළිගයට වැඩම කළහ. සේවකයන් විසින් සකසා ඇති දානය මීට පෙර කිසිදු දිනක තමන් භුක්තිවිඳ නැති තරම් ප්රණීත බව වැටහී ගිය සිටුවරයාට ඒ පිළිබඳ ලෝභි සිතක් පහළ විය. සිය දෑතින් පූජා කිරීමට තරම් සිතක් පහළ නොවී ය. එය පූජා කරන මෙන් සේවකයන්ට නියෝග කළේ ය. සේවකයෝ එසේ කළහ. මහරජතුමනි, අකැමැත්තෙන් නමුත් දන්දීමේ ආනිසංස වශයෙන් දිව්යාත්ම හතකුත්, සිටු ආත්ම හතකුත් ඔහු ලැබූ බව භාග්යවතුන් වහන්සේ රජතුමාට දේශනා කළහ. එකී භවවලදී කෙතරම් භව භෝග සැප සම්පත් ලැබුණ ද ඒවා භුක්ති විඳීමට සිත් පහළ නොවූයේ අකැමැත්තෙන් දන් දීමේ විපාක වශයෙන් බව දේශනා කළහ.[/COLOR][/I] තමන්ටවත් භුක්ති විඳීමට සිත නොනැමෙන කල්හි එය වෙනත් කෙනෙකුට දීමට කෙසේවත් සිත නො නැමීම ස්වාභාවික ය. එබැවින් සසර කළ පින විපාක දී අවසන් වූ අතර, ඒ අතර කාලයේ දී කිසිදු පුණ්ය කර්මයක් සිදු කර නොගත් නිසා මේ වන විට පූර්ව භවයක දී සිදු කළ පුත්ර ඝාතනයක විපාක වශයෙන් රෞරවය නම් නිරයෙහි උපත ලබා දුක් විඳීන බව ද දේශනා කළහ. එහි දී භාග්යවතුන් වහන්සේ අනුශාසනා කරනුයේ, “පුරාණඤ්ච පරික්ඛීණං පුඤ්ඤං නවං පුඤ්ඤං උප්පාදෙතබ්බං” යනුවෙනි. එනම්, පැරැණි පින ගෙවී යන විට අලුතෙන් පින් සිදු කරගත යුතු බවයි. එබැවින් යමක් යමෙකුට දෙන විට මසුරු මල අත්හැර දීමට උත්සුක විය යුතු ය. එසේ නොවුවහොත් සැප සම්පත් තිබියදීත් ඒවා භුක්ති විඳගැනීමට නො හැකිව ලතැවීමට මෙන් ම සමාජ අවඥාවෙන් පීඩා විදීමට ද සිදුවනු ඇත. ඇතැමුන් හට “අත්ථි” සුඛය හෙවත් භව භෝග, යාන වාහන, උපධි සම්පත්, දැන උගත්කම් තිබුණ ද එයින් කිසිදු බැබලීමක් හෝ ප්රයෝජනයක් ගත නොහැකි ව ජීවත් වන අයුරු සමාජයෙන් දැකිය හැකි ය. මෙහි ඇති පුදුමය නම්, කිසිදු විටෙක ඔවුහු එය දුකක් ලෙස නො දැකීමයි. ඇතැම්විට උසස් වර්ගයේ යාන වාහන තිබිය දී හෝ එවන් වාහනයක් මිලදී ගැනීමේ හැකියාව තිබිය දී දිරා ගිය රථයකින් දුෂ්කර ගමනක් යෑමෙන් ලබන ප්රීතිය ඔවුන්ට සුවපහසු රථයකින් ලැබිය නොහැකි වීම සහ එවැන්නකට සිත නො නැමීමයි. ප්රණීත ආහාරයන්ගෙන් සන්තර්පණය වීමට තරම් හැකියාව තිබිය දී පවා කටුක ආහාරයෙන් ජීවත්වීම ඔවුහු ප්රිය කරති. ඇතැම්විට තමන් වෙත ලැබෙන නැවුම් ආහාරය පසෙකලා පරණ වූ ආහාරයක් භුක්ති විඳීමට දක්වන්නේ මහත් රුචිකත්වයකි. හොඳ ම නිවාසයක වාසය කිරීමේ ඇති හැකියාව හෝ එවන් නිවාස උරුමව තිබිය දී පවා වැස්සෙන් තෙමෙන හිරිකඩ වදින කිසි සුවයක් නැති නිවාසයක විසීමට ඇතැම්හු මහත් සේ රිසි වෙති. අසාමාන්ය ගණයේ විශිෂ්ට උගතුන් විවිධ දක්ෂතාවලින් යුක්ත වුව ද තම හිතමිතුරන් හැර අන් කිසිවෙකු නො හඳුනන, සමාජ ගෞරවයට ලක් නොවන පිරිස් සැබෑවට ම සමාජයේ නැතුවා ම නොවේ. -කොළඹ මාලිගාකන්ද, විද්යෝදය පිරිවෙනේ ආචාර්ය, පොළොන්නරුව,ධනංජය රජමහා විහාරාධිකාරී, රාජකීය පණ්ඩිත, දර්ශනපති [URL="http://www.lakehouse.lk/budusarana/2017/02/18/tmp.asp?ID=fea03"]කන්දේගම දීපවංසාලංකාර හිමි[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom