අකිල මාමිගේ වැඩ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අකිල මාමිගේ වැඩ

    65085503_2368335136756021_2084094753959313408_n.jpg


    ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ල හමුවේ කොමිෂන් සභාව රැුස්වූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යංශය පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇතැයි සැලකෙත වංචා දුෂණ සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති පැමිණිල්ල පිළිබ`දව වැඩිදුරටත් විභාගය සිදුවූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් සහ වත්මන් අධ්‍යක්ෂ අධ්‍යාපන සැලසුම් අයි . එම් .කේ .බී ඉලංගසිංහ මහතා සක්ෂි ලබාදුන්හ.

    කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඉලංගසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේ දී පෙළපොත් කෝටි 4 ක් මුද්‍රණය කළ බවත් අධ්‍යපන ඇමතිවරයාගේ ඡුායාරුපය සහ පණිවුඩය සහිත පිටු 4 ස`දහා එක් පිටුවකට රුපියල බැගින් වැයවූ බවත්ය .

    එම කොමිෂන් සභාව හමුවේ සක්ෂි ලබාදෙමින් ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ , තමාට දිගු ගමනක් යාමට අවශ්‍ය බැවින් සහ ඉදිරි බලාපොරොත්තු සලකා තමාගේ වර්ණ ඡුායාරූපයක් සහ අත්සන සහිත ලිපියක් පෙළපොත් වලට ඇතුළත් කරන ලෙසට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තමාගෙන් කෙලින්ම ඉල්ලා සිටිය බවයි.

    ඒ පිළිබ`දව තවදුරටත් අදහස් දක්වමින් ඉලංගසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ , අධ්‍යාපන ඇමතිවරයාගේ වර්ණ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපියක් පෙළපොත් වලට ඇතුළත් කීරීම නීතියට සහ ප‍්‍රතිපත්ති වලට පටහැනි බැවින් ඒ පිළිබ`දව තවදුරටත් සිතා බලන ලෙස සහ සොයා බලා කටයුතු කරන ලෙස තමන් අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිය බවත්ය . එසේ වුව ද අධ්‍යාපන ඇමතිවරයා තදින්ම ඉල්ලා සිටිය බැවින් තමාගේ නිදහස සහ රාජකාරියේ ආරක්ෂාව පිළිබ`දව සලකා ඇමතිවරයාගේ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා අවශ්‍ය නියෝග ලබාගෙන අධ්‍යාපන ඇමතිවරයාගේ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපිය පෙළපොත් වලට ඇතුළත් කිරීමට පියවර ගත් බව වැඩිදුරටත් පැවසීය.

    අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ ජුලි 01 වන දිනත් කොමිෂන් සභාව හමුවේ ජුලි 08 වන දිනත් පෙනී සිටින ලෙස කොමිෂන් සභාව නියෝග කළේය.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ ජුලි 01 වන දිනත් කොමිෂන් සභාව හමුවේ ජුලි 08 වන දිනත් පෙනී සිටින ලෙස කොමිෂන් සභාව නියෝග කළේය.

    මු මේකට ඇවිත් කියයිද දංනෑ ඌ දැනන් හිටියේ නෑ කියල...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ ජුලි 01 වන දිනත් කොමිෂන් සභාව හමුවේ ජුලි 08 වන දිනත් පෙනී සිටින ලෙස කොමිෂන් සභාව නියෝග කළේය.

    මු මේකට ඇවිත් කියයිද දංනෑ ඌ දැනන් හිටියේ නෑ කියල...

    මම නම් කියන්නේ චාන්දදයකයෝ අකි boy ගේ පින්තුරේ බලෙන් පොතට ඇතුල් කරලා තියෙන්නේ...අකි boy මේක ගැන දන්නෙවත් නැතුව ඇති
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන් කොච්චර විතර දුර ගිහින්ද දන්නේ නෑ?


    අකි boy කුරුණෑගලින් bus එක ගත්තම මාතර හරහා තමයි කොළඹට යන්නේ