අකිල_සමුගනී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චන්ද්‍රජෝති සිසුවා ගමම හඩවා සමු ගනී





    large(141).jpg



    පසුගිය බ්‍රහස්පතින්දා වැලිවේරියේදී හමුදා වෙඩි පහරින් මිය ගිය අකිල දිනේෂ් (19) සිසුවාගේ අවමඟුල වැලිවේරිය සුසාන භූමීයේදී සිදු විය.ඔහුගේ මිතුරෝත් නෑයෝත් හඩා වැටෙමින් විලාප තබමින් අවමංගල පෙරහරේ ගමන් කරද්දී බොහෝ දෙනාගේ දෑස් කදුලින් තෙත් විය.

    ළිං ජලයේ පී එච් අගය අඩු වීමට හේතු සොයා ස්ථිර විසදුම් ඉල්ලා සිදු කළ උද්ඝෝණයේදී අකිලට ජීවිතයෙන් සමු ගැනිමට සිදු විය.අකිලගේ නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි කනත්තට අකිල වැලිවේරීයේ හිත මිතුරන්ගේ කර පිටින් ගියේය.

    යක්කල චන්ද්‍රජෝති විදුහලේ සිසුහුද වැලිවේරිය නගර හා ගම් වැසියෝද සිය ඔහුගේ දේහය රැගත් මංජුසාව රැගෙන ගියහ. ඔහු ක්‍රිඩා පුහුණු වු වැලිවේරිය කාන්ති ක්‍රිඩා පිටිය සුදු පාටින් සරසා තිබිණි.දේහය වැලිවේරිය පොලිසිය අසළින් රැගෙන යද්දී පොලිස් සාමාජිකයෝ සිරුවෙන් සිට ආචාර කැර ඔහුට අවසන් ගෞරව දැක්වුහ. සුසාන භූමියේද පොලිස් විශේෂ කාර්ය බලකායත් කැරලි මර්දන පොලිසියත් රාජකාරියට කැදවා තිබිණි. මතකවස්ත්‍ර පුජා වෙන් හා පැන් වැඩිමෙන් පසුව අකිලට උරුම වුයේ කාටත් හිමි වන හතර රියනයි.
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.